ප‍්‍රභූ ආරක්‍ෂක අංශයේ නිලධාරීන්ට බාර දී ඇති ප‍්‍රභූවරයා හෝ ඔහුගේ
පවුලේ අයගේ නීතිවිරෝධී කටයුතු වල යෙදීමට අවසර නැති බවත් එසේ කටයුතු කළ
අයෙකු වෙතොත් නීතිය ක‍්‍රියාත්මක කර දඩුවම් ලබාදෙන බවත් පොලිස් මාධ්‍ය
ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ අහතා පවසයි.
ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා සමග රාත‍්‍රී සමාජ ශාලාවකට
ගොස් තිබූ ප‍්‍රභූ ආරක්ෂකයන් දෙදෙනෙකු සහ පෞද්ගලික ආරක්ෂකයන් 05 දෙනෙකු
සම්බන්ධව විමර්ෂණ කරගෙන යන බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ 12ක් සටහන්
කරගෙන තිබෙන බවත් ඔහු සදහන් කරයි.
මාලක සිල්වා සමග සිටි ප‍්‍රභු ආරක්ෂකයින් දෙදෙනා නීතිවිරෝධී කටයුතු වලට
සම්බන්ධ බවට විමර්ෂන වලදී ඔප්පු උවහොත් ඔවුන්ට දඩුවම් ලබාදීම සිදුවන බවද
මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියයි.
















































