ලෝක
රූ රැජින තරගයට සහභාගිවීමට නියමිතව සිටි හොන්ඩුරාස් රාජ්‍යයේ රූ රැජින වූ
මාරියා ජෝසේ ඇල්වරාදෝ ඝාතනය කළේ ඇයගේ සහෝදරියගේ පෙම්වතා බවට සැකපළ වී
තිබෙනවා. එරට ආරක්‍ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ ඝාතනය සදහා පුද්ගලයින්
දෙදෙනෙකු සම්බන්ධවී ඇතැයි පරීක්‍ෂණවලදී හෙළි වී ඇති බවයි.
රූ රැජිනට අමතරව ඇගේ වැඩිමහල් සොහොයුරියද කපාකොටා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වළ දමා තිබියදී සොයා ගැණුනා. ඒ, හොන්ඩුරාස්හි සැන්ටා බාබරා නගරයට ආසන්න ගංගාවක් අසල තිබියදීයි. සිරුරු සොයා ගැනුණේ ඔවුන් අතුරුදන්වී ඇතැයි තොරතුරු වාර්තාවී දින 6 කට පසුවයි. ඝාතනයට ලක් වූ හොන්දුරාස් රූ රැජිනගේ වයස අවුරුදු 19 ක්. ඇය මෙලෙස ඝාතනයට ලක්වූයේ ලෝක රූ රැජින තරගාවලිය සදහා සහභාගිවීමට ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිතව තිබියදීයි.
ඝාතනයට ලක්වූ රූ රැජිනගේ සහෝදරිය සමග ඇගේ පෙම්වතා ඇති කර ගත් ආරවුලක් ඊට හේතු වන්නට ඇති බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඔවුන් අතුරුදන් වූ රාතී‍්‍රයේ පැවැති සාදයකදී මෙම ආරවුල හටගෙන තිබුණා. එහිදී රූ රැජිනගේ සහෝදරිය වෙනත් පුද්ගලයකු සමග නර්තනයේ යෙදී තිබෙනවා. එය දුටු පෙම්වතා රූ රැජිනගේ සහෝදරිය සමග ඇති කර ගත් බහින් බස්වීම දුරදිග යාමෙන් ඝාතනය සිදුව තිබෙනවා. අක්කා සහ ඇයගේ පෙම්වතා අතර ඇති වූ ආරවුල විසඳීමට මැදිහත් වීමේදී රූ රැජිනද ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රූ රැජිනගේ සහ ඇයගේ සහෝදරියගේ මෘතදේහයන් සොයාගත් ආකාරය
රූ රැජිනගේ ඡායාරූප එකතුවක්















































