තමාට විවාහය ගැන කිසිම අදහසක් නැතැයිද විවාහ වන්නට කෙනෙකු ලැබේ යයි විශ්වාස නොකරන බවද කියමින් සිටි ප්‍රකට නිළි අනාර්කලී ආකර්ෂා තව ටික දිනකින්ම විවාහ දිවියට ඇතුළුවන්නට යන බව වාර්තා වනවා.
පසුගිය කාලයේ කලාව හා දේශපාලන ක්ෂේත්‍රයේ විවිධාකාර ආන්දෝලනාත්මක පුවත් මවන්නියක බවට පත්ව සිටි ඇය විවාහ දිවියට ඇතුළත්වන්නට යන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන
ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමග බවත් විවාහයෙන් අනතුරුව එරට පදිංචිය තෝරාගන්නට බොහෝ දුරට ඉඩ ඇති බවත් වාර්තා වනවා.
ඔහු කවුරුන්ද යන්න තවම ඇය විසින් හෙළි කර නැති අතර මේ දිනවල ඇය ලංකාවෙන් පිටමංව පුද්ගලික සංචාරයකට යන බව මිතුරන්ට දන්වා ඇමරිකාවට ගොස් ඇත්තේ මෙම විවාහ කටයුතු සිදු කරන්නට බවද වාර්තා වුණා.
ඇයගේ විවාහ උත්සවය ඇමරිකාවේ මහ ඉහළින් සමරන්නටද කටයුතු සූදානම් කර තිඛෙන අතර ලංකාවේ නමගිය රූපලාවන්‍ය ශිල්පීන් හා මංගල ඇඳුම් සකසන්නන් මෙන්ම ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකුද මෙම මංගල උත්සවයේ කටයුතු සඳහා ඇය විසින් ඇමරිකාවට ගෙන්වාගෙන ඇතැයි වාර්තා වනවා.
ඉදිරි සතියේ සිදුවන විවාහයෙන් අනතුරුව ඇය අලූත් සැමියා සමග ලංකාවට පැමිණෙන්නටද නියමිතව තිඛෙන බව වාර්තා වුණා.
















































