Saturday, November 8, 2014

පෙම්වතියට පොල්ලෙන් ගසා මරා ඈ එල්ලී දිවිනසා ගත්තැයි කියන්න පොලිසි ගිය පෙම්වතෙක්

ඊයේ රාත්‍රී 10 ට පමණ 21 හැවිරිදි තරුණයෙකු හංවැල්ල පොලිස් ස්ථානයට පැමිණ හ~මින් කියා සිටියේ තමා විවාහ විමට සිටින තරුණිය සමග හංවැල්ල ඇල්ලකන්ද වැලිකන්න ප්‍රදේශයේ එකට දිවිගෙවන බවත් කිසියම් ප්‍රශ්නයකට සිත් අමනාප කරගත් ඇය එදින රාත්‍රියේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවත්ය.අනතුරුව ඒ කියන ස්ථානයට පොලිසිය තරුණයා සමග පිටත්ව ගොස් බලද්දී
වයස අවුරුදු 18 ක්වු ඉමේශා ලක්මාලි නැමති රූමත් තරුණිය නිවසේ බාල්කයක එල්ලෙමින් සිටිනු දක්නට ලැබුණා.
නමුත් ඇගේ සිරුර පරීක්ෂා කිරීමේදී ගෙළ සිරවී ඇති නමුත් සිරුරේ පහරදීම් තුවාල ඇති බවද නිරීක්ෂණය වුණා. මෙය දිවිනසාගැනීමක් නොව පහරදීමකින් වූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයට පෙරම පොලිසියට ඉව වැටුණා.

කඩුගොඩ දකුණ වග ලිපිනයේ පදිංචි තරුණියකවූ ඇය සහ ඔහු විවාහවන්නට ප්‍රථම කාලයක සිට මෙම නිවසේ එකට පදිංචිව සිටින බවත් ඔවුන් අතර නිතර ආරවුල් ඇතිව තිබූ බවත් පොලිසිය අවට නිවෙස්වල අය සමග කළ කතාවෙන් සොයාගත්තා. ඒ අනුව මෙම පැමිණිල්ල කළ තරුණයා කෙරෙහි සැක ඇති කරගත් පොලිසිය ඔහුව දිගින් දිගටම ප්‍රශ්න කළා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශනයේදි පැමිණිලිකරු විසින් මියගිය පෙම්වතියට යකඩ පොල්ලකින් පහරදුන් බව පොලිසිය අනාවරණය කරගත් අතර මරණයට තමාගේ වගකීමෙන් මිදෙන්නට ඇය එල්ලී සියදිවිනසාගත් බව ඇ`ගවීමට සිරුර බාල්කයේ එල්ලා පොලිසි ගිය බවද ඔහු හෙළි කළා.

ඒ අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් පැමිණිලිකරු වු වයස අවුරුදු 21 ක් වන තරුණයා අත්අඩංගුවට පත්වුණා. ඔහු ඇල්ලකන්න, වග ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධ ස්ථානයට තවම පොලිස් ආරක‍ෂාව යොදා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක‍ෂණ අද දින පැවැත්විමට නියමිතයි’

සැකකාර තරුණයා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත’
සිද්ධිය සම්බන්ධ වීඩියෝ වාර්තාවක් පහතින