එළැඹෙන ජනපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස එජාපයේ කරු ජයසූරිය මහතා නම් කර ඇති බව නිල නොවන අභ්‍යන්තර ආරංචි මාර්ග අද රාත්‍රී හෙළි කරා. කරු ජයසූරිය ඉදිරිපත් කරන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස බැවින් රනිල් වික්‍රමසිංහ එජාපයෙන් නොඉල්ලන්නටත්
ජවිපයද කරුට සහායදෙමින් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බවත් වාර්තා වුණා.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සිදු කළ මෙම සාකච්ඡා අනුව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහායද කරු ජයසූරිය මහතා වෙත පිරිනමා ඇත.
කෙසේ වෙතත් පොදු අපේක්ෂක පිළිබඳ තීරණය පිළිබඳව නිල වශයෙන් තවම හෙළි කර නැත.
ලබන 10 වනදා අවසන් සාකච්ඡාවෙන් පසු රජය ජනපතිවරණයට දිනයක් ප්‍රකාශයට පත් කළ පසු මෙම තීරණය ප්‍රසිද්ධ කරන බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දන්වා ඇත.
















































