බ්‍රිතාන්‍ය 1965 දී රූපවාහිනී දැන්වීම් මගින් දුම්වැටි ප්‍රචාරණය තහනම් කර තිබෙනවා. එමගින් තහනම් කොට ඇත්තේ දුම්කොළ නිෂ්පාදන බැවින් විදුලි සිගරැට්ටුව ඊට අදාල නොවන බවයි දැන්වීම් කරුවන් පවසන්නේ. ඒ නිසා මෙම නීති යාවත්කාලීන විය යුතු බව මීට එරෙහි වන්නන් පවසනවා. බ්‍රිතාන්‍යයේ මිලියන 2.5ක් පමණ මෙම විදුලි සිගරැට්ටු භාවිත කරනවා.















































