නදීෂානි නිලූක්ෂිකා වන ඇය කලා ක්ෂේත‍්‍රයට යොමුවුණේ නිරූපණ ශිල්පිනියක
ලෙසය. ඉන්පසු හිරු ටී.වී. ආයතනයේ නිවේදිකාවක ලෙස වසර දෙකහමාරක් පමණ කටයුතු
කළාය. ඉන්පසු දෙරණ ටී.වී. නිවේදිකාවක වූ ඇය පසුව රූපවාහිනී වෙළඳ දැන්වීම්
සමග කාර්යබහුල වූවාය. නදීෂානි
මේ
වන විට දැන්වීම් පනහකට ආසන්න සංඛ්‍යාවකට පෙනී සිට ඇත. ඊටත් අමතරව ගීත
ඇල්බම සඳහා රූපරචනා රැුසකට රංගනයෙන් දායකව ඇත. නමුත් ක්ෂේත‍්‍රයේ බොහෝදෙනා
නදීෂානි ගැන කතා කිරීමට පටන්ගත්තේ ”වරිග පොජ්ජ” චිත‍්‍රපටය සමගය. අද නම් ඇය
ගැන බොහෝ දෙනා කතාවන්නේ, දෙරණ නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන ”කොම්බි” නාට්‍ය
නිසාය. එතැන් සිට අපි ඇය සමග කතා බහකට එක්වෙමු.
ඒ දෙකම කියන්න.
මගේ ගම පානදුර. ඉගෙන ගත්තෙ ශාන්ත ජෝෂප් බාලිකාවෙන් (පානදුර*. පවුලේ අම්මා, තාත්තා සහ අයියලා තුන්දෙනයි. මම බාලයා.
පාසල් යන කාලයේදී ඇත්තටම මම දක්ෂ වුණේ ක‍්‍රීඩා අංශයටයි. ඒත් එක්කම සහජ හැකියාවන් තිබුණා. වේදිකාවේ කෙරෙන දේවලට වගේම විවිධ අංශවලට හැකියාවක් තිබුණා. ඒ නිසා කවදාහරි ඒ අංශයකින් ඉදිරියට යන්න ඕනෑ කියලා හිතුවා. කලා අංශය තෝරා ගත්තෙ ඒ නිසයි.
අයියලා තුන්
දෙනා
නම් එදා එච්චර කැමැත්තක් දැක්වූයේ නැහැ. විශේෂයෙන්ම ලොකු අයියා අකමැති
වුණා. මේ ක්ෂේත‍්‍රයේ හැදෙන කටකතා ගැන ඒ අය බයවුණා. නමුත් අපි හරිදේ
තෝරාගෙන හරි දේ කළා නම් ප‍්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. මම අනුගමනය කළේ ඒ දේවල්. ඒ
නිසා මට වැරදුණේ නැහැ. අම්මා අදටත් මගේ හෙවනැල්ල වෙලා මා එක්ක එනවා. අද
අයියලා තුන්දෙනා වගේම තාත්තාත් සතුටු වෙනවා. මේ සියලූ දේවල් මම ගොඩනගා
ගත්තෙ තනියම කිව්වොත් හරි.
පංතිවලට ගිහින් රංගනය ගැන, කලාව ගැන ඉගෙන ගන්න අවකාශය තිබුණෙ නැහැ. පංතිවලට ගිහින් රංගනය ගැන හදාරන්න තිබුණා නම් හොඳයි. ඒත් මට සිද්ධ වුණේ හැමදෙයකම ආභාෂය ලබමින් ගමනක් යන්නයි.
ඕනෑම කෙනෙකුට තමුන් කැමති දෙයක් ඇෙඟ් තියෙනවනෙ. ඉතින් මගේ කැමැත්ත තිබුණෙ මේ අංශයටයි.

ජනප‍්‍රියත්වය කියන්නෙ එක දෙයක්. නමුත් ගොඩාක් අය ආදරය කරන අංශයක්. රංගනය කියන්නෙ තව කෙනෙක් සතුටු කරවන අංශයක්. මිනිස්සු සතුටු කරවලා පෙරලා ඔවුන්ගෙන් ලබන ආදරය ඇත්තටම වටිනවා. රංගනය කියන්නෙ ඇත්තටම වාසනාවක්. ඒකට වාසනාවත් තියෙන්න ඕනෑ.
ජ්‍යොතිෂය ගැන ටිකක් විතර දන්නවා. මොකද ”හිරු” ටී.වී. එකේ නිවේදනය කරද්දි, ඒ අංශයේ වැඩසටහන් කළා. හැබැයි කොහොමටත් මාස තුන හතරකට සැරයක්, අම්මා කේන්දරය බලන්න යනවා.
දිදුලන තරුවක් වේවි කියලා තිබුණා. දැනට මං බොහොම පුංචි තරුවක් තමයි, ඉදිරියට දිදුලන තරුවක් වේවි.
මම හිතන්නෙ ප‍්‍රකාශ නොකළත්, ඕනෑම කෙනෙක් කැමති තරුවක් වෙන්නයි. හැබැයි හැමෝටම තරුවක් වෙන්න පුළුවනි. ඒත් දිදුලන තරුවක් වෙන්න හැමෝටම බැහැ. මේ තරු ගමන එන්න බොහෝ අයට අවස්ථා ලැබෙන්නෙත් අඩුවෙන්.
මේක ඇත්තටම අහම්බයක් නෙවෙයි. හැබැයි මේ වෙනුවෙන් අමුතුවෙන් දේවල් කළෙත් නැහැ. ඉස්සරහට යද්දි අත්වැලක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් හැදෑරීම අවශ්‍යයි. මේ දිනවල මම ප‍්‍රවීන රංගවේදී මහේන්ද්‍ර පෙරේරා මහතාගෙ රංග පාසලට යනවා. අඩියෙන් අඩිය පියවරෙන් පියවර ගියාම තව තව අවස්ථා ලැබේවි. ඒ ඔක්කෝටම වාසනාවත් බලපාන බව කියන්නම වෙනවා.
සෑහෙන අභියෝගාත්මක චරිතයක්. මෙහි රූගත කිරීම් සිදුකළ දර්ශන තල පිහිටා තිබුණෙ අතිශය දුෂ්කර තැන්වල. ගාමිණී සිල්වා මහතා ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් ගත්තා. ටිකිරි රත්නායක මහතාගෙන් විශේෂිත සහයෝගයක් ලැබුණා. දවසක් අපි ෂූටිං කරමින් සිටියදී එක පාරටම මහා වැස්සක් ඇද හැලූනා. අපි හිටියෙ බඹරගල කන්ද අසල ගල්ගුහාවක් ඇතුළෙ. වැස්ස නිසා මහා රූස්ස ගහක් කඩාගෙන වැටුණා. අපිට එළියට එන්න විදියක් පවා තිබුණෙ නැහැ. එදා නම් අපි හොඳටෝම බය වුණා.
1818 කාලයේ සත්‍ය සිදුවීමක් අලලා කළ කතාවක්. මඩුගල්ලෙ නිලමෙ බලාපොරොත්තු වන්නෙ එයාගෙ බිරිඳගෙන් පුතෙක්. ඒත් එයාට ලැබුණෙ දුවක්. මඩුගල්ලෙ නිලමේ මේ දුවට අවුරුදු 22 ක් විතර වෙනකල් මූණවත් බලන්නෙ නැහැ. එයාට ඕනෑ වුණේ පරම්පරාව ගෙනියන්න පුතෙක්. ඊට පස්සෙ වෙන දේ මේ කතාව නරඹලාම දැනගන්න.
එක එක්කෙනා එක එක විදියට හිතන්න පුළුවනි. නමුත් ඒක වාසනාවන්තම දෙයක්.
මට ඒ අත්දැකීම නැහැ. නමුත් ඒක හොඳ දෙයක් නම් නෙවෙයි. නිළිය හෝ නළුවා කියන්නෙ අපි එක පවුලක්. මොන දේ හෝ වේවා අපි ඒ පවුල ගෞරවයෙන් රැකගත යුතුයි.















































