Sunday, November 9, 2014

මහේලගෙන් ලෝක වාර්තාවක්


http://newsfirst.lk/english/wp-content/uploads/2014/03/Mahela-Jayawardene-HD-Wallpapers-2.jpgඑක්දින ජාත්‍යන්තර තරගවලදී ලකුණු 12,000 සීමාව පසු කළ ලොව 5 වැනි ක‍්‍රීඩකයා ලෙස මහේල ජයවර්ධන අද සමත් වෙයි.
තරග 463කදී ලකුණු 18,426ක් ලබා පළමු ස්ථානයේ රැදී සිටින්නේ හිටපු ඉන්දීය සුපිරි ක‍්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ය.

ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් නායක රිකී පොන්ටින් තරග 375යි ලකුණු 13,704ක් ලබා දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

සනත් ජයසූරිය තරග 445කදී ලකුණු 13,430ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවන අතර කුමාර් සංගක්කාර තරග 383කදී 12,918ක් ලබා සිව්වැනි ස්ථානයේ පසුවෙති.

ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදී ඉන්දීය කණ්ඩායම සමඟ දැන් පැවැත්වෙන තෙවන තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 242ක් රැුස් කළේ ය.

ශ‍්‍රී ලංකා පිළ කඩුළු සියල්ලම දැවි මෙම ලකුණු රැස් කළේ පන්දුවාර 48යි පන්දු 2 කදීයි.