Sunday, November 9, 2014

මීරියබැද්දේ තවත් මළසිරුරක් හමුවේ - මුළු ගණන 16යි


දරුණු නායයාමට ලක්වූ කොස්ලන්ද, මීරියබැද්දවත්ත කැණීම් කරන ත‍්‍රිවිධ හමුදා නිලධාරීන්ට තවත් මළසිරුරක් මීට ටික වේලාවකට පෙර හමුවී තිබේ.

(පී ජයන්ත-හපුතලේ)


කොස්ලන්ද මීරියබැද්ද වත්තේ නාය යෑමට හසුව මියගිය පුද්ගලයන්ගේ සිරුරු සොයා සිදුකරන මෙහෙයුමේදි අද (09) උදැසන තවත් අවුරුදු 7ක පමණ ගැහැණු ළමයකුගේ මළ සිරුරක් හමුව තිබේ.
සිරුර සොයාගෙන ඇත්තේ එම ස්ථානයේ මෙහෙයුමෙහි නිරත 4 වන ශ‍්‍රී ලංකා සිංහ රේජිමේන්තු සෙබලුන් කණ්ඩායමක් විසිනි.
යුද හමුදාව විසින් කරන ලද කැනිම්වලින් දැනට මළසිරුරු 16ක් සොයාගෙන ඇත.
(විමුක්ති සංජය පෙරේරා බදුල්ල /එෆ් .අස්ලම්)