හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ නිවසක බුදුකුටිය තුළට ධාතුන්වහන්සේලා වැඩම කරවූ බවට පසුගිය ඉල් පොහොය දිනයේ පැතිරුණ ආරංචිය නිසා එම ප්‍රදේශවාසීන් වැල නොකැඩී ධාතු වන්දනාමාන කිරීමට එහි ගිය අතර මුදල් පරිත්‍යාගද සිදු කරා.දිනෙන් දින ධාතූන් සංඛ්‍යාව ඉහළයාම නිසා මෙය ප්‍රාතිහාර්යයක් ලෙසද ඇතැමුන් සැලකුවා.
නමුත් තරුණයන් කිහිපදෙනෙකුගේ සෝදිසිය නිසා පසුව අනාවරණය වූයේ නිවස හිමි සුමනාවතී නමැති කාන්තාව ඇගේ අතේ සූක්ෂ්මව සඟවාගෙන ආ සිලිකන් ඇට
ධාතූන් වඳින ආකාරයට පැමිණ එම ස්ථානයට දමන බවයි.
මෙම අනාවරණයෙන් පසුව එම කාන්තාව සහ නිවසේ පදිංචිකරුවන් ප්‍රදේශයෙන් පළායාමට උත්සාහ කර තිබුණ නමුත් කුපිතවූ ප්‍රදේශවාසීන් ඔවුන්ට පහරදීම නිසා තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ඉල් පොහොය යෙදුණ පසුගිය 06 වනදා ධාතුන් වහන්සේලා හතර නමක් මෙහි වැඩ සිට ඇති බව විස්මයෙන් යුතුව ප්‍රදේශවාසීන්ට දැන්වූ සුමනාවතී මහත්මිය මෙසේ කියා තිබුණා.
zමගේ පුතා නැතිවෙලා අවුරුදු 17 ක් විතර වෙනවා නමුත් මට එයාව නිතරම හීනෙන් පෙනිපෙනි තිබුණා.පසුගිය 05 වනිදා රෑ මට හීනෙන් පුතා ඇවිත් කිවුවා අම්මේ හෙට විශේෂ දෙයක් වෙනවා බුදුපහන ළ`ග සුද්ද කරලා තියන්නෙයි කියල.
මම ඒ විදියට කරලා සුපුරුදු පරිදි බුදු පහන තියල එන්න හදනකොට මම දැක්ක පහන ළග මුතු කට වගේ කීපයක් තියෙනවා. මම ඒ ගැන පන්සලේ හාමුදුරුවන්ට කිවූ වහාම හාමුදුරුවෝ ඇවිත් ඒ ධාතුන් වහන්සේලා බව කිව්වා .පස්සේ හාමුදුරුවෝ ඒ ධාතුන් වහන්සේලා පන්සලට වැඩම කරවාගෙන ගියා. පස්සේ මම දවල් පුජාව තියන්න ගෙදර බුදු මැදුර ළගට නැවත ගියාම තවත් ධාතුන් වහන්සේලා වැඩමකර තියෙනවා මම දැක්කාZ
ඉකුත් 06දා ධාතූන් වහන්සේලා ධාතූන් වහන්සේලා සිව් නමක්ද 07දා උදෑසන තවත් ධාතූන් වහන්සේලා හත් නමක්ද වැඩ සිටි බව ඒ අනුව ඔවුන් කියා සිටියා.
මේ හේතුවෙන් වැල නොකැඩී ජනතාව එම නිවසට පැමිණි අතර ඔවුන් පාලනය කිරීමට වෙනම බෝඩ් ලෑලි දැන්වීම් පුවරු ආදියද සවිකරන්නට නිවැසියන් කටයුතු කළා.
එම බෝඩ් ලෑලි අතර ඡායාරූප ගැනීම තහනම් කර තිබුණ නිවේදනද, පිරිසිඳුව පැමිණෙන්න යයි කියන ඉල්ලීම්ද තිබුණා.
කෙසේ නමුත් ප්‍රදේශයේ මාධ්‍යවේදීන් කිහිප දෙනකු හා තරුණයින් කිහිප දෙනකු එක්ව මේ පිළිබඳව සිදුකරනලද ගවේෂණයකදී මෙහි සත්‍යතාව පෙරේදා (08) අනාවරණය කර
ගැනීමට හැකි වූ අතර සිලිකන්වලට කහවතුර කලවම් කර වර්ණ ගන්වා ධාතු වශයෙන් පෙන්වා ඇති බවත් නිවාස හිමි කාන්තාව විසින් එය අතේ සූක්ෂ්මව සඟවාගෙන විත් ධාතූන් වඳින බවට පවසමින් එම ස්ථානයට දමන බවත් ඔවුන් අනාවරණය කර ගත්තා.
මෙම අනාවරණයත් සමග ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට පතවූ අතර තමන් රැවටීමකට ලක් කිරීමට කටයුතු කළ එම කාන්තාව සමග එක්වූ බව කියන කළුතර ප්‍රදේශයේ වයස අවුරුදු 30ක් පමණ වන තරුණයාට ප්‍රදේශවාසීන් පහරදී ඇත.
හම්බන්තොට පොලිසිය මැදිහත්ව එම තරුණයා පොලිස් භාරයට ගත් අතර පසුව හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගමේ පන්සලේ භික්ෂූන් වහන්සේටද ප්‍රදේශවාසීහු චෝදනා කරති. මේ වන විට නිවසට පොලිස් ආරක්ෂාව යොදා ඇත
තොරතුරු හා ඡායාරූප - අජිත් පුෂ්පකුමාර / රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
මේ සම්බන්ධ වීඩියෝ වාර්තාවක් පහතින්


















































