මෑතකදී සිදු වූ සෙනසුරු මාරැව ගැන එජාප මන්ත‍්‍රීනී රෝසි සේනානායක අදහස් පල කරයි.
‘ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ අදහන හොද ක‍්‍රිස්තියානි කාන්තාවක් මම. ඒ
නිසා මම ඔය බලවේග ගැන ඒ තරම් හිතන්නෙවත් විශ්වාස කරන්නෙවත් නැහැ. ඕවා
විශ්වාස කරන්න ගියොත් තවත් අවුල් එකයි වෙන්නේ. එම නිසා මම ඒ මත යැපෙන්නේ
නෑ. මට ඒවා අදාළත් නෑ. මගෙ ස්වාමිපුරුෂයා බෞද්ධාගමේ වුවත් එයාගෙත්
ඕවාගැන ඒ තරම් විශ්වාසයක් නෑ. ඒත් මගේ නැන්දම්මලා නම් දරුවෝ ඉපදුන
වෙලාවල්වල කේන්දර හදලා තියනවා. මගෙ නම් ලග්නය මම දන්නේ නැති නිසා සෙනසුරු
මාරුව මොනවා කළත් මට අදාළ නෑ. හොද වෙයිද නරක වෙයිද දන්නේ නෑ’ යයි ඇය
පවසයි.
















































