ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වන වරටත් ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා නීතිමය ගැටළුවක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කල විමසීමක් අනුව අගවිනිසුරු
ඇතුළු දස පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මේ බව තීරණය කර අදාල නිගමනය ඊයේ
දිනයේ ලබා දෙනු ලැබ තිබිනි.
මේ බව පාර්ලිමේන්තුවේදී හෙළි කලේ සභා නායක ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාය.
නිල කාලයෙන් වසර හතරක් ගතවූ පසු ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු නීතිමය
බාධාවක් නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇතැයිද ඇමතිවරයා සඳහන්
කලේය.
















































