බොදුබල සේනාව ද මෙවර ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කිරීමට සූදානම් බව එම සංවිධානයේ ලේකම් ගලගොඩත්තේ ඥානසාර හිමියන් පැවසූහ.
කෙසේවුවද අදාල තීන්දුව අවසන් වශයෙන් තීරණය වන්නේ දේශපාලන පක්ෂ විසින් බුද්ධාගමට දක්වන සැලැකිල්ල අනුව බවද එහිමියෝ කීහ.
අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මේ බව කියා සිටියහ.
තම සංවිධානයට විකල්පයන් 4ක් ඇති බවද කී ගලගොත්තේ හිමියෝ ඒ ආණ්ඩුවට සහය දැක්වීම, විපක්ෂයට සහය දැක්වීම, කිසිම කණ්ඩායමකට සහය නොදක්වා සිටීම හා ඉදිරි ජනපතිවරණයට තරග කිරීම ඒවා බවද පැවසූහ.
එම සංවිධානය ජනතාවගේ විකල්පය සම්බන්ධයෙන් අවදානය යොමුකරමින් හරි තීන්දුව හරි වේලාවට ගන්නා බවද ගලගොඩත්තේ හිමියෝ කීහ.
මාධ්‍ය මෙන්ම සයිබර් අවකාශයේ විශාල ඉඩකඩක් දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් ගොඩනගා ඇති බවත්, විශාල මතයක් එහි ඇති බවත්, එහි වැඩි කොටස හිමිවන්නේ තමන්ට බවද එහිමියෝ පැවසූහ.
එම පුවත්පත් සාකච්ඡාවේ වීඩියෝව පහත දැක්වේ.
[B]අනුග්‍රහය - ඩේලි මිරර්[/B]
















































