Tuesday, November 11, 2014

පාපන්දු ලෝකයට ආ සරාගී විනිසුරුවරිය

ඉතාලි ජාතික නිරූපිකාවක් මෙන්ම රූප රැජිණියක වන ‘ක්ලෝඩියා රොමානි’ තම නිරූපන දිවියට සමුදෙමින් පාපන්දු විනිසුරු තනතුර තෝරාගෙන තිඛෙනවා. ඇය මේ වන විටත් වෘත්තීය පාපන්දු විනිසුරුවරයෙකු වීම සදහා අවශ්‍ය පරීක්ෂණයෙන් සමත්වී තිඛෙනවා. සුරූපි රොමානිගේ මෙම පියවර පාපන්දු ලෝකය කාන්තාවක් ආක‍්‍රමණය කිරීමටත් වඩා පාපන්දු ලෝකය හරහා කුණාටුවක් හමායාමක් වැනි යැයි ඇතැමුන් ප‍්‍රකාශකරනවා.

දැන් ක්ලෝඩියාගේ එකම අරමුණ පාපන්දු තරඟ විනිශ්චය කිරීම බව 32 හැවිරිදි රොමානි පවසනවා. ඉතාලියේ ප‍්‍රධාන ලීග තරඟාවලි දෙක ලෙසින් හැදින්වෙන ෂෙරී A හා ෂෙරී ඊ ලීග දෙකේ තරඟ විනිශ්චය කිරීමට රොමානිට නීතිමය වශයෙන් අවසර ලැබී තිඛෙනවා.
ලෝකයේ පාපන්දු වැඩිපුර ප‍්‍රසිද්ධියක් උසුලන බ‍්‍රසීලයෙන්ද පසුගියදා කාන්තා තරඟ විනිසුරුවරියක් බිහිවූ අතර එවැනි තත්ත්වයක් තුළ කාන්තාවන්ට ජාත්‍යාන්තර මට්ටමේ තරඟ කෙසේ වෙතත් කී‍්‍රඩා සමාජ තරඟ විනිශ්චය කිරීමට අවස්ථාවක් ලැඛෙනු ඇත.
සර්බියානු සම්භවයක් සහිත රොමානි පාපන්දු විනිසුරුවරියක් වීමට විරුද්ධ අයගේ ප‍්‍රධානම තර්කය වන්නේ ඇයගේ සරාගී නිරූපන ඉතිහාසයයි. වරක් ඇය නාන ඇදුමෙන් සැරසී සරාගී ඉරියව් පාමින් පාපන්දු කී‍්‍රඩා කරන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබුනා. මෙවැනි හේතු නිසා පාපන්දු කී‍්‍රඩාවේ අනාගතයට හා සදාචාරයට රොමානි වැනි විනිසුරුවරියන් නිසා බලපෑමක් ඇතිවිය හැකි බව ඇතැමුන් පවසනවා.