Monday, November 3, 2014

බොලිවුඩ් දුෂ්ඨයා මියයයි

බොලිවුඩ් සිනමාවේ දුෂ්ඨ චරිත රංගනයෙහිලා ජනප්‍රියත්වයට පත් සදාශිව් අම්රපුර්කර් සිය දිවියෙන් සමුගෙන ඇතැයි වාර්තා වේ.

මියයන විට 64 වැනි වියේ පසුවූ ඔහු පෙනහළු අසාධනයකින් පෙළී ඇති අතර මුම්බායි නුවර පිහිටි රෝහලකින් ප්‍රතිකාර ලබමින් සිට තිබේ.

සදාශිව් අම්රපුර්කර් වසර 1984දී ඔහුගේ ප්‍රථම ෆිල්ම් ෆෙයා සම්මානය දිනාගෙන ඇති අතර ඔහු හින්දි චිත්‍රපට රැසකට සහ මරාති චිත්‍රපට කිහිපයකටද රංගන දායකත්වය ලබා දී තිබේ.

ඔහුගේ අවසන් කටයුතු  හෙට දින (04) අහම්ද්නගර් පළාතේදී පැවැත්වීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ,අමිතාබ් බච්චන් සහ අනුපම් කේර් වැනි ජනප්‍රිය පුද්ගලයන් රැසක් ඔහුගේ සමුගැනීම පිළිබඳව ශෝකය පළ කර තිබේ.