Monday, November 3, 2014

ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලුව 2ක මෙන්න

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ තේරීම් කමිටු සාමාජික සුචිත්‍ර අලෙක්සැන්ඩර් හා එම පිලේ කළමනාකරු ලෙස කටයුතු කළ රොෂාන් ඉද්දමල්ගොඩ යන දෙදෙනා බව මේවන විට හෙලිව තිබේ.

කෙසේවුවද අදාල කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදුන් ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් එම පරීක්ෂණය මෙහෙයවූ සාමාජිකයකු විසින් ඩේලිනිවුස් පුවත් පතට තොරතුරු දී ඇති බවද 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

මේ නිසා එසේ සාක්ෂි දුන් ක්‍රීඩිකාවන් දැඩි තැති ගැන්මෙන් පසුවන බවද පැවසේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ කාල්ටන් බර්නාඩස්, නීති නිලධාරිනී සාවිත්‍රී හා මානව සම්පත් කළමනාකරු ලසිත් මෙන්ඩිස් යන තිදෙනා මේ කමිටුව ඇතුළත්ව සිටී.

අදාල කමිටුව ඉදිරියේ සාක්ෂිදුන් ක්‍රීඩිකාවන් කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරන ජීවන්ත මෙන්ඩිස් ද තමන්ට අසභ්‍ය වචනයෙන් බැනවදින බව හෙළිකර ඇතැයි වාර්තා වේ.

කෙසේවවුද මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණය කරණ ලද පුද්ගලයන් හා පරීක්ෂණය පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් ඉදිරියේදී අප හෙළිකරන්නෙමු.