පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයෙදී එක්සත් ජාතික පක්ෂයෙන් මාතර දිස්ත්‍රීක්කයට තරඟ කල ජනප්‍රිය නිළි නදීශා හේමමාලි මෙනවිය, අද (03) එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරය පත්කර තිබේ.
එමෙන්ම දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායකව සිට ඉන් ඉවත්වී පසුව එජාප යට එක්වූ ජස්ටින් ගලප්පත්ති මහතා වැලිගම ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක ලෙස පත් කරන ලදී.
එම් ඩී ධර්මදේව මාතර දිස්ත්‍රික් සංවිධායක වශයෙන්ද, ගයාන් සංජීව කඹුරුපිටිය1, චන්දන ප්‍රියන්ත කඹුරුපිටිය 2, මේජර් ජෙනට් පනියන්දූව- අම්බලන්ගොඩ, ජනිත් වික්‍රමසිංහ - හක්මන1 , දේවප්‍රිය වනිගසේකර - හක්මන2 කොට්ඨාශ සංවිධයකවරුන් ලෙසද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලබා ගත්තේය.
එමෙන්ම ඌව පළාත සඳහාද සංවිධායකවරු කිහිප දෙනෙකු පත් කරන ලදී.
















































