Monday, November 3, 2014

බලංගොඩ පුස්තකාලාධිපතිනියගේ කකුල මහ මගදි කපා දමයි

බලංගොඩ පුස්තකාලාධිපතිනියගේ කකුල මහ මගදි කපා දමයි
කිසියම් පුද්ගලයෙකු විසින් බලංගොඩ පුස්තකාලාධිපතිනියගේ පාදය  කපාගෙන ගිය බව කියන සිද්ධියක් අද පස්වරුවේ වාර්තා විය.
බලංගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ පදිංචි අදාල පුස්තකාලාධිපතිනිය අද පස්වරුවේ රාජකාරි නිමවා නිවසට යමින් සිටියදී එම අනතුරට මුහුණ පා තිබේ.
ප්‍රදේශවාසියෙකු පැවසුවේ අදාළ කාන්තාව පසුපස හඹා ආ පුද්ගලයන් දෙදෙනෙකු ‍එලෙස ඇයට තුවාල සිදු කළ බව ය.
තුවාල ලැබූ කාන්තාව මේ වනවිට බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.