පන්සලට ගල් ගැහුවේ නෑ.. සූදානමක් විතරයි – රතන හිමි
තමන් වහන්සේ වැඩ වාසය කන බොරැල්ල සදහම් සෙවන විහාරස්ථානයට ගල්
ප‍්‍රහාරයක් එල්ල වී නැතැයි ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන
හිමියෝ පවසති.
මෙම විහාරස්ථානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට පිරිසක් සූදානම් වන බවට තමන් වහන්සේටද දැනගන්නට ලැබුණු බව උන් වහන්සේ කියති.
කෙසේ වෙතත් තමන් කිසිම සිදුවීමක් සම්බන්ධව කලබල නොවන බවද උන් වහන්සේ කියා සිටිති.