ජාතික හෙළ උරැමය විසින් රජයට ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළි නොගන්නේ
නම් එම පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග කියයි.
ලබන බදාදා (19) ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වීම සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා හෙළ උරුමය අතර මෙම යෝජනාවලිය ගැන හෙට පැවැත්වෙන සාකච්ජාව තීරණාත්මක වනු ඇතැයිද සදහන්ය.
හෙළ උරැමයේ යෝජනාවලියේ සදහන් දේ අතර ජනාධිපතිවරයා දරන අමාත්‍යංශය කවරේද
යන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට නිශ්චිතව ඇතුළත් කළ යුතු වීම ඇමති මණ්ඩලය
20කට හෝ 25කට සීමා කිරීම, ජනාධිපතිවරයා අධිකරණයට යටත් පුද්ගලයෙකු මෙන්ම
පාර්ලිමේන්තුවට වග කියන අයෙකු බවට පත් කිරිම, ස්වාධීන මැතිවරණ කොමිසමක් පත්
කිරීම ඇතුළු කරුණු ගණනාවක් ද ඇතුලත්ය.
















































