මෙම කාන්තාවන් අතර වයස අවුරුදු 20 සීමාවේ සිට 50 වැනි වියද ඉක්මවූවන් වනවා. සැත්කමින් අනතුරුව මොවුන් පෙනුමින් බටහිර කාන්තාවන් මෙන් පෙනේ. සමහර වෛද්‍යවරුන් සැත්කම පිළිබඳ සහතිකයක් පවා අදාල තැනැත්තියන්ට ලබා දෙනු ලබනවා. එහි ඇයගේ ගමන් බලපත්‍ර අංකය, සැත්කම කළ රෝහල, කොරියවේ ගතකළ කාලය ඇතුළු කරුණු රැසක් සඳහන් වනවා. නමුත් ලොකු ඇස්, දිගු නාසයන් හා කුඩා නිකටවල් ඔවුන් චීනයට ඇතුළුවීම වළකනවා. මෙම සැත්කම කරගෙන පැමිණෙන්නියන්ට චීනයට ඇතුළුවීමට අවස්ථාව ලැබෙන්නේ දැඩි පරීක්ෂාවකින් අනතුරුවය. ඒ කෙසේවෙතත් ගමන් බලපත්‍රය වහාම වෙනස් කරගන්න ලෙසටද බලධාරීන් ඔවුනට අවවාද දී තිබෙනවා.
මෙම සැත්කම් සඳහා දකුණු කොරියාව ප්‍රසිද්ධියක් උසුලන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කොරියානු දේශ සීමාව ආසන්නයේ වෙසෙන චීන කතුන් මේ සඳහා වඩාත් උත්සුක වන බවයි පැවසෙන්නේ.
සැත්කම කරගත් කතුන් කිහිප දෙනෙකුගේ සැත්කමට පෙර සහ පසු පෙනුම මෙසේය.
















































