Monday, November 24, 2014

වැඬේ දෙල් වේ.. අයවැය ඡන්දයට මං එන්නෙ නෑ.. – මෛත‍්‍රීපාල

2015 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා තමන් සහභාගී නොවන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියයි.
ඒ මහතා මෙසේ පැවසුවේ අද පෙරවරුවේ මහනුවරදී මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේ තමන් පස්වරුවේ ජය ශ‍්‍රී මහ බෝධිය වැඳපුදා ගැනීමට යන නිසා අයවැය ඡන්දයට නොයන බවයි.
ඔහු සමඟ එන බව පැවසූ අනෙක් මැති ඇමතිවරුන් කොහේදැයි මාධ්‍යවේදීන් විමසූ විට ‘කලබල වෙන්න එපා. වෙලාවට ඒවා බලාගන්න පුළුවන් වේවි’ යයි කිය.