
චිත‍්‍රපට වාරණය සම්බන්ධයෙන් ද වරින් වර සිංහල සිනමාව තුළ විවිධ කථා
මතුවනවා. මේ කථාවත් වාරණයට ලක්වනු ඇතැයි කථා බහක් මතුව ඇති චිත‍්‍රපටයක්
පිළිබඳවයි. එය සම්මානනීය අධ්‍යක්‍ෂ ප‍්‍රසන්න විතානගේ ගේ ‘‘ ඔබ නැතුව, ඔබ
එක්ක ’’ චිත‍්‍රපටයයි. එය ඉකුත් සමයේ ජාත්‍යන්තර සම්මානයෙන් ද පිදුම් ලැබු
චිත‍්‍රපටයක්.
විදේශිය චිත‍්‍රපට උළෙල රැසක දී විචාරක සහ පේ‍්‍රක්‍ෂක ආකර්ෂණය දිනාගත්
මෙම චිත‍්‍රපටය ලංකාවේ දී ප‍්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ කතුරට හසුවී ඇති
බවයි චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ප‍්‍රසන්න විතානගේ පැවසුවේ. අනුමැතිය සඳහා
ඉදිරිපත් කළ පිටපතට මීට පෙර හොඳ ප‍්‍රතිචාර ලැබුණත් දැන් එහි කොටස්
කිහිපයක් ඉවත් කරන්නැයි තමන්ට දන්වා ඇති බවයි ඔහු කියා සිටියේ. එමඟින්
සිදුවන්නේ චිත‍්‍රපටයේ හරයට හානියක් සිදුවීම බව ප‍්‍රසන්න නෙත් නිවුස් වෙත
කියා සිටියා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණි සුමනසේකර මහතා පැවසුවේ චිත‍්‍රපටය තවමත් වාරණය කර නැතත් එහි කොටස් කිිහිපයක් ඉවත් කර ඇති බව දැනුම් දී ඇතත් එම දර්ශන යුධ අපරාධ සම්බන්ධ අන්තර්ජාතික පරික්‍ෂණයකට වුවද හොඳ සාක්‍ෂියක් සපයන බව ඔහු කියා සිටියා.
කෙසේවෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් යළි සාකච්ඡුා කරන බව ප‍්‍රසන්න විතානගේ සඳහන් කළා.





