Monday, November 24, 2014

2015 අයවැය වැඩි ඡන්ද 95න් සම්මතයි

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 95න් සම්මත වී තිබේ.

අය වැයට පක්ෂව ඡන්ද 152ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණි.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය අය වැයට විරුද්ධව ඡන්දය ලබාදෙන ලදී.

ජාතික හෙළ උරුමය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර එජනිස හැරදමා පැමිණි මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ කණ්ඩායම අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අය වැය දෙවන වර කියවීම පසුගිය 01 වැනිදා වැඩි ඡන්ද 100කින් සම්මත විය.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණි.

පසුගිය ඔක්තෝබර් මස 24 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2015 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.