ඩුබායි නගර සභාව විසින් සංවිධානය කරන තරඟාවලියේ මෙම වසරේ ජයග්‍රාහකයින් සංඛාව 7,5000ක් වන අතර ඔවුන් අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් වටිනා රන් කිලෝග්‍රෑම් 40ක් බෙදා දී ඇති බව පැවසේ.
පසුගිය වසරේද මෙම තරඟය පවත්වා ඇති අතර එය නම් කොට ඇත්තේ 'ඔබේ බර රත්තරනින් ' ලෙසයි.
මෙවර තරඟය 'ඔබේ දරුවා රත්තරනින්' ලෙස නම් කර ඇති අතර එහිදී දරුවන් සමඟ තරඟයට එක් වන්නන්ට ත්‍යාගය දෙගුණ කොට ලබා දී තිබේ.
මෙම වසරේ තරඟය සඳහා තරඟකරුවන් 28,000කට අධික පිරිසක් එක්ව සිටියද ඔවුන්ගෙන් බහුතරයකගේ දරුවන් අධික තරබාරුකමින් නොපෙළුනු නිසා ඔවුන්ව තරඟයෙන් ඉවත් කිරීමට තරඟ සංවිධායකයින් කටයුතු කර තිබේ.
(මූලාශ්‍රය සහ ඡායාරූප- ඔඩිටි සෙන්ට්‍රල්)








