එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඇමති මෛත‍්‍රීපාල
සිරිසේන මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි
කණ්ඩායම, පළාත් සභා විපක්‍ෂ නායකයින් සහ G-20 කණ්ඩායම එකඟතාවය පල කර තිබේ.අද දහවල් පැවති රැස්වීමකදී මෙම ඒකමතික එකඟතාව පල වී ඇත.
අවසන් තීරණය අද පස්වරුවේ රැස්වන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගැනීමට නියමිතය.















































