Tuesday, November 4, 2014

A MAZING: ඊයේ රාත්‍රියේ පිහිටවූ විස්මයජනක ගිනස් වාර්තාව (VIDEO)

AMAZING: ඊයේ රාත්‍රියේ පිහිටවූ විස්මයජනක ගිනස් වාර්තාව (VIDEO)
(SCROLL DOWN FOR THE VIDEO)
අමෙරිකානු ජාතික Nik Wallenda විසින් ඊයේ රාත්‍රියේ නව ගිනස් වාර්තා දෙකක් පිහිටුවනු ලැබී ය.
ඒ, රැහැනක් මත වැඩි ම උසක සිට ඇවිද යාම සහ රැහැනක් මත වැඩි ම උසක සිට දෑස් වසාගෙන ඇවිද යාම යන වාර්තා දෙක යි.
ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ, චිකාගෝ නුවර පිහිටි මරීනා සිටි මහල් නිවාස සංකීර්ණයේ මුදුනේ සිට ලියෝ බර්නෙට් ගොඩනැගිල්ලේ මුදුන දක්වා රැහැනක් මතින් ඇවිද යමිනි.
එම ඇවිද යාම සිදු වූයේ, චිකාගෝ ගඟ මත අඩි 500ක් (මීටර් 152) ඉහළිනි.
ඒ සඳහා ඔහුට ගත වූයේ, මිනිත්තු 6ක් සහ තත්පර 52ක් පමණි.