වාරියපොළ
බස් නැවතුමේදී තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින
වාරියපොළ නෑටය ප‍්‍රදේශයේ පදිංචි තිළිිණි ඉමල්කා නමැති තරුණියගේ අතින්
අල්ලා හිංසා කිරීමට උත්සාහ කළා යැයි කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව
පොලීසිය පවසනවා. කුරුණෑගල ප‍්‍රධාන බස් නැවතුම්පොළේදී ඊයේ (05) තමන් මෙලෙස
හිංසා කිරීමට තැත් කරන ලදැයි ඇය විසින් පොලීසිය වෙත පැමිණිල්ලක් ගොනු
කිරීමෙන් පසු මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව
ඇත්තේ කුරුණෑගල පොල්ලත්තාපිටිය ප‍්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.
තමන් ගෝනගම ප‍්‍රදේශයේ සිට බසයකින් කුරුණෑගලට පැමිණෙමින් සිටියදී සැකකාර
තරුණයාද එම බසයෙන් පැමිණ ප‍්‍රධාන බස් නැවතුම්පොළට පැමිණ අවස්ථාවේදී තරුණයා
තමාගේ අතින් ඇද කිසියම් කරදරයක් සිදු කිරීමට සූදානම් වූ බවයි ඇය පොලීසියට
ප‍්‍රකාශ කර ඇත්තේ.
















































