දේදුන්න ලස්සනයි. ඒත් අල්ලන්න නම් බැහැ. හැබැයි ඒ දේදුන්න උඩට වෙලා සිටින මේ පුංචි සුරංගනාවිය නම් අපට හැබැහින් දැකගන්න පුළුවනි. ඇය තමයි රුචිනි ටනාෂා හතරසිංහ. මේ සුන්දර ටනාෂා ගැන බොහෝ දෙනා දන්නෙ දැන්වීම් හා විලාසිතා නිරූපණ ශිල්පිනියක ලෙසයි. ඊට අමතරව දෙරණ ‘‘මියුසික් බොක්ස්’’ නිවේදනයෙන් හැඩ කරන්නත් එකතු වෙනවා. දේදුන්න සහ මෙයා අතර ඇති සම්බන්ධය කුමක්ද? රූපවාහිණි තිරයෙන් අපට හමුවන මේ සුන්දරිය සමඟ සුන්දර කතා බහකට එක්වෙමු.

මගේ වයස අවුරුදු 20යි. ඉගෙන ගත්තෙ කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයෙන්. පවුලේ මමයි, අම්මයි-තාත්තයි, නංගිලා තුන්දෙනයි.
මමයි - නංගිලා තුන්දෙනයි නිසයි.
ඒ අය ඉගෙන ගන්නවා. ඒ වගේම සංගීතය හදාරනවා.
මම හැර අනෙක් තුන්දෙනාට තමයි සංගීතය පුළුවන්. ඒ නිසා ෆෝ සිස්ටර්ස් වෙන එකක් නැහැ. ඒ තුන්දෙනා නම් සංගීතයෙන් ඉදිරියට යාවි.
ඒ මම රඟපෑමට එක්වූ අලූත්ම චිත‍්‍රපටයයි. එහි රොෂාන් රණවන එක්ක ප‍්‍රධාන චරිතය රඟපානවා. එය සටන් ජවනිකාවලින් පිරුණු ත‍්‍රාසජනක චිත‍්‍රපටියක්.
ගැහැණු කෙනෙක් විදියට සෑම දෙයක්ම පුළුවන් කියන තේමාව යටතේ වටිනාකම ගැන කියාදෙන අනගි දැන්වීමට පෙනී සිටිය නිසයි.
ෂිහාන් ගයන අලූත්ම ගීතය එයයි. එහි විෂුවල්ස්වලට (රූප ජවනිකා) පෙනී සිටින්නෙ මමයි. ඊටත් අමතරව රොෂාන් ප‍්‍රනාන්දුගෙ ‘‘හඬවන්නට මේ තරම්’’ ගීතයෙහි විෂුවල්ස්වලටත් පෙනී සිටින නිසා ගොඩාක් අය ඒ ගැනත් කතා වෙනවා. දැන් අලූත්ම මියුසික් වීඩියෝව වන්නෙ ප‍්‍රමෝද් හේරත්ගෙ ‘‘දෑසේ ඡුායා’’ ගීතයයි.
අපේ අම්මාගෙ නම ‘‘ආශා’’ ඉතින් මම පවුලේ ලොක්කී හැටියට ‘‘ටනාෂා’’ වුණා.
මට තවම අවුරුදු 20යි. ගිය අවුරුද්දෙ තමයි උසස් පෙළට මුහුණදීලා පාසල් අධ්‍යාපනයට සමුදුන්නෙ. දැන් විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියට ලැහැස්ති වෙනවා. කලා අංශයේ වැඩවලට යද්දී අම්මා හැමදේටම මා එක්ක එනවා. අපි හතරදෙනා බලාගන්නෙ හරිම පරිස්සමට. අපිත් අම්මාට ගොඩාක්ම ආදරෙයි.
අපෝ නැහැ.
ඒත් නැහැ.

මගේ පාඩුවෙ මගෙ වැඩ ටික ඉවර වුණාම එතැන රැඳෙන්නෙ නැතිව ඉක්මණටම ගෙදර එනවා. පාඩුවෙ ඉන්න කෙනෙක් කිව්වොත් හරි.
මගේ අරමුණ තිබුණෙ වෛද්‍යවරියක් වීමටයි. අඩු තරමින් දේශීය වෛද්‍යවරියක් හෝ වීමේ අරමුණ තිබුණා. ඒ නිසා ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කළේ. නමුත් දැන් ඒ අරමුණ වෙනස් වෙලා.
ජනමාධ්‍ය අංශයෙන් ඉදිරියට යාමයි. දැන් මම රූපවාහිනි නිවේදිකාවක ලෙස කටයුතු කරන්නෙත් හරිම සතුටකින්.
මුලින්ම රඟපෑව ‘‘තිමිරගිර’’ විකාශය වුණා. එහි මම රඟපෑවේ ‘‘භාග්‍යා මිස්’’ ලෙසයි. මම හිතන්නෙ රඟපෑම සහ මාධ්‍ය දෙකම සමබරව කරගෙන යන්න පුළුවනි.
රූපලාවන්‍ය ශිල්පිනී නිලූකා කොඩිකාර අපේ අම්මගෙ යාළුවෙක්. දවසක් ‘‘මාව’’ එයාගෙ බ‍්‍රයිඞ්ල් ෂෝ එකකට සහභාගි කරවන්න පුළුවන්ද අහලා. එදා ඒකට පෙනී සිටියා. ඊට පස්සෙ නයන උජිත් අයියා නිසා ‘‘දැන්වීම්වලට’’ පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ විදියට තමයි කලා ලෝකයේ ගමන ආවේ.
මම ඉපදුනාම රෝසමලක් වගේ කියලා අම්මාට ගොඩාක් අය කිව්වලූ. කොහොමහරි අවුරුදු එකහමාරෙදි මාව ලක්ස්පේ‍්‍ර දැන්වීමට අරගෙන. ඊට පස්සෙ කැලැන්ඩර්වලටත් අරගෙන.
ප‍්‍රශ්නයක් නැහැ. තාත්තා විදේශයක රැකියාව කරන්නෙ. අපේ සෑම දෙයකටම තාත්තාගේ ආශිර්වාදය ලැබෙනවා. අම්මා ආශා තුෂාරි තමයි අපේ හෙවනැල්ල. කොහේ ගියත්-මොනවා කළත් හොඳ දේ කිරීම තමයි අපේ අරමුණ.















































