වේදිකාවට ගොඩවෙනකොටම මාව ඇදගෙන වැටුණා
නදිනි ප්‍රේමදාස
ගීත ක්ෂේත්‍රයේ රසික රසිකාවන් අතර ජනප්‍රිය සුපිරි තරුවක් තමයි නදිනි
ප්‍රේමදාස. ගායිකාවක, නිවේදිකාවක ලෙස කා අතරත් කතාබහට ලක්වෙන නදිනි නවතම
ගීත කිහිපයක් ඔස්සේ රසිකයන් අතරට එක්වන්නට සූදානමින් පසුවෙයි. මේ ඇගේ
දිවියේ නවතම තොරතුරුයි.* ඔබේ නවතම තොරතුරු මොනවාද?

* ඔබේ උපාධියේ වැඩකටයුතු අවසන් ද?
ඔව්. ඩිග්රි එක අවසන් කරලා හුඟාක් කල්. පසුගිය වසරේ තමයි කන්වකේෂන් තිබුණේ.
* උපාධියකුත් තිබෙන නිසා රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නැත්ද? රැකියාවක් කරන්න නම් තවම බලාපොරොත්තුවක් නැහැ. කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යනවා. අනෙක මගේ පුතාට තවම මාස අටයි. ඒ නිසා ගෙදර වැඩකටයුතුවලට තමයි මූලිකත්වය දී තිබෙන්නේ.
* විශ්වවිද්‍යාලයේදි සුපිරි තරුවක් නිසාම අපහසුතාවයන්ට මුහුණ දුන්නේ නැත්ද?
අපෝ! අපහසුතා ගොඩකටම මට මුහුණ පාන්න සිද්ධ වුණා. ජනප්‍රියත්වයට පත්වෙලා සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටින නිසා ඔවුන් හිතන්නේ ඔවුන්ට වඩා වෙනස් චරිතයක් කියලයි. එනිසාම මම රැග් සීසන් එකට සහභාගි වුණේ නැහැ. මට විශ්වවිද්‍යාලයෙන් දන්වලත් තිබුණා ඒකට සම්බන්ධ වෙන්න එන්න එපා කියලා. සරසවි සිසුන් තුළ ඒ තරහ ටිකක් තිබුණා. නමුත් අවුරුද්දක් විතර යනකොට කාටවත් කවුරු ගැනවත් මතක නැහැ. එක එක්කෙනා ඒ ඒ අයගේ අධ්‍යයන වැඩ. කොහොම හරි මුලදී පොඩි පොඩි අපහසුතාවන්වලට මුහුණ දුන්නත් පස්සේ ඔවුන් හැම දෙනාම මගේ හොඳම මිතුරන් බවට පත්වුණා.
* සුපර් ස්ටාර්ස් තරගාවලිය ගැන මතකය මොන වගේද?
හරිම සුන්දර මතකයක් තමයි තියෙන්නේ. ඒ තරගාවලිය මතක් කරන්න ගොඩක් ආසයි. ඒ තරගයෙන් තමයි අපි ඉදිරියට ආවේ. අනෙක 2007 වසරේදී පැවැත්වුණු සුපර් ස්ටාර් සීසන් 2 තරගාවලිය ගැන මිනිස්සුන්ට තවමත් මතකයි. එහි තරගකරුවන් හැම දෙනාම මතක හිටිනා තරගාවලියක් බවට එය පත්වුණා. සුපර් ස්ටාර් කියන්නේ මගේ ජීවිතේ වාසනාවක්. ආධුනිකයන්ට අතදෙන හොඳ වැඩසටහනක්.
* ජනප්‍රියත්වය ගැන ඔබ මොකද හිතන්නේ?
මම ජනප්‍රියත්වය කියන දේ නෙමෙයි අගය කරන්නේ. මිනිස්සුන්ට මතකයේ රැඳෙන එකයි. මම කොහොමටත් ජනප්‍රියත්වය පිටුපස්සේ යන කෙනෙක් නෙමෙයි. මම සංගීතය පුංචි කාලෙ ඉඳලම හැදෑරුවා. තරගාවලියට සහභාගි වුණා. හිතුවටත් වඩා හොඳින් ක්ෂේත්‍රයට එන්න ලැබුණා. අද මම හුඟක් දුරක් ක්ෂේත්‍රය තුළ ඇවිත් ඉන්නවා. නදිනි ප්‍රේමදාස නම කිව්වම මිනිස්සු මාව හඳුනනවා.
* ඔබත් සමඟ තරග වැදුණු සුපර්ස්ටාර් මිතුරු මිතුරියන් දැන් හමුවෙන්නේ නැතිද?
හමුවෙනවා. ප්‍රසංග වේදිකාවේදී, ප්‍රියසාදවලදී ඔවුන් මුණ ගැහෙනවා. නැතිනම් දුරකථනයෙන් හෝ අපි කතාබහ කරනවා.
* ඔබට රියැලිටි වැඩසටහන් හි විනිශ්චය සඳහා ආරාධනා ලැබුණේ නැත්ද?
එක් රියැලිටි වැඩසටහනක් සඳහා ආරාධනා ලැබුණා. නමුත් මට බබා ලැබෙන්න සිටි නිසා එයට දායක වෙන්න බැරි වුණා. ඉදිරියේදී හොඳ දෙයක්, මට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් මට ගැළපෙන දෙයක් ලැබුණොත් දායක වෙනවා.
* ඔබට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ගොඩක් සතුටුයි. සමහර අය හිතනවා මම කතා නොකරනවා කියලා. ඒ නිසා සමහර රසිකයන් කතා කරන්න බයයි. මම ඔවුන් එක්ක කතා කරනවා. ප්‍රසංග වේදිකාවට ගියහම රසිකයන්ගෙන් සජීවීව ප්‍රතිචාර ලැබෙනවා.
* සංගීත ක්ෂේත්‍රයේ ඔබ ස්ථාවර ද?
ඔව්. මේ වෙනකොට ස්ථාවරත්වයක් මට තිබෙනවා. නදිනි ප්‍රේමදාස කියන අනන්‍යතාවයක් මා සතුව තියනවා. මගේ ම ගීත රැසක් මට තිබෙනවා.
* ඔබ ඇතුළු සුපර්ස්ටාර් ගායිකාවන්ට ප්‍රවීණ ගායිකාවන් ගෙන් ඔවුන්ගේ ගීත තවමත් ගයන බවට චෝදනා එල්ල වෙනවා නේද?
මට නම් එහෙම චෝදනාවක් එල්ලවෙලා නැහැ. තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේදී ඔය වගේ චෝදනා නම් ආවා තමයි. ඒවා ස්වභාවිකයි. මම ක්ෂේත්‍රයේ අය හොඳින් සමීපව ඇසුරු කරනවා. මට මේ තාක් කිසිම චෝදනාවක්, කිසිම කටකතාවක් හැදිලා නැහැ.
* තවමත් ඔබ ප්‍රසංග වේදිකාවේදී ප්‍රවීණ ගායිකාවන්ගේ ගීත ගායනා කරන අවස්ථා තිබෙනවාද?
මෙහෙමයි. මම ගායනා කරන්නේ මගේ ම ගීත පමණයි. නමුත් සමහර වෙලාවට මට ගැයීමට අවසරය තිබෙන ගීත දෙක තුනක් රසිකයන් පිනවීම සඳහා ගායනා කරනවා.
* විවාහයත් සමඟ බොහෝ නිළියන්, ගායිකාවන් ක්ෂේත්‍රයෙන් ඈත් වෙනවා. ඔබේ සැමියාගෙන් ඔබට තහංචි පැනවෙන්නේ නැත්ද?
මට ඔහුගෙන් කිසිම දේකට බලපෑමක් නැහැ. මම කටයුතු කරන්නේ ගායන ක්ෂේත්‍රයේ පමණයි. ඒ තුළ ඔහු මගේ කිසිම දෙයකට එපා කියන්නේ නැහැ. ඔහු දන්නවා මම හැමවිටම මට ගැළපෙන දේ විතරයි කරන්නේ කියන එක. මම කිසිම විටක සීමා මායිම් පනවන්න තරම් දුරට වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඔහු දවල් කාලෙ කාර්යබහුල රැකියාවක නියැළුණත් මගේ සංගීත කටයුතු වෙනුවෙන් රෑ නිදිවරාගෙන මා වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. මගේ දෙමවුපියන් පවා එහෙමයි.
* ක්ෂේත්‍රයේ කටයුතු කරත්දි අමතක නොවන සිදුවීම් වලටත් මුහුණ පානවා ඇති නේද?
පසුගිය දවසක එක්තරා ප්‍රසංගයකට සහභාගි වෙන්න ගිහින් වේදිකාවට ගොඩවෙන්න යනවිට මාව ඇදගෙන වැටුණා. මගේ සපත්තු අඩිය ලෙස්සලා ගිහින් තමයි මාව ඇද වැටුණේ. එයින් මගේ අතක් සහ දණ හිසක් බිම වැදුණා. ඒ ඇරෙන්න වාසනාවට මොනවත්ම වෙන අනතුරක් සිදුවුණේ නැහැ.
තුෂාරි නේරංජා වික්‍රමසිංහ