Sunday, October 12, 2014

මර්වින්ගේ දුක්ගැනවිල්ල නිසා සෙන්චරිනා හෝටලයේ බාර් එක වසා දමයි !

පසුගිය කාලයේ මර්වින් සිල්වා නැවතත් කරලියට පැමිණියේ කැලණියේ සෙන්චරීනා නම් හෝටලයට තමන්ගේ අනුමැතියකින් තොරව මත්පැන් බලපත්‍රයක් ලබාදීම හේතුවෙනි.

මේ හේතුවෙන් ආණ්ඩුවෙන් ඉවත්වන බවට පවා මර්වින් විසින් පාරම්බා තිබුණි. බුද්ධ ශාසනය, ජනතාවගේ යහපත ගැන සිතනවානම් මර්වින්ට මෙයට වඩා ආණ්ඩුවෙන් ඉවත්වීමට බොහෝ අවස්ථා තිබුණි.


නමුත් නැවතත් පුවත් මවන්නෙකු වෙමින් මර්වින් සිල්වා විසින් ආණ්ඩුවෙන් යනවා යැයි කීම මාධ්‍යය තුල "හිට්" එකක් විය.

ඒ අතරතුරේ මෙයට පෙර මාධ්‍යයවේදීන්ගේ වෘෂණ කෝෂ තැලූ මර්වින් සිල්වා ඌව මැතිවරණයෙන් පසු පහරදීමකට ලක්වූ මාධ්‍යයවේදියා හමුවී ඔහුට ලක්ෂයක මුදලක් පරිත්‍යාගකොට තිබුණි.

කෙසේනමුත් මර්වින් දිගින් දිගටම ආණ්ඩුව විවේචන කතා හමුවේ අදාළ හෝටලයට ලබාදී තිබු මත්පැන් බලපත්‍රය අහෝසි කිරීමට ජනපතිවරයා කටයුතුකොට තිබේ.
http://www.gossipbook.lk