
වැඩුණු මිනිසෙකුට දිනකට පැය 6ක්වත් නින්දක් ඕන කියල කියනව වගේම පැය 8ක්වත් ඕන කියලත් කියනව. මේ පිළබඳ පර්යේශණයක් කරපු පින්ලන්තයේ විද්‍යාඥයො දැන් කියන්නෙ ඊට වෙනස් කතාවක්. ඔවුන් පෙන්වා දෙන්නෙ කාන්තාවකට එක් රැයකට පැය 7.6 (මිනිත්තු 456) කාලයක නින්දක් ලැබිය යුතු බවයි. මේ පර්යේශණයෙදිත් පිරිමින්ට වාසියක් වෙලා තියෙනව. මොකද මේ විද්‍යාඥයින්ට අනුව පිරිමියෙක් දිනකට පැය 7.8 (මිනිත්තු 468) කාලයක් නිදන්න ඕන.
පින්ලන්ත සමාජ ආරක්ෂණ ආයතනය මැදිහත්වෙලා පවත්වපු මේ පර්යේශණයට පුද්ගලයින් 3760ක් සහභාගී කරගෙන තිබෙනව.