Tuesday, October 28, 2014

කාන්තා ක‍්‍රිකට් පිලට යන්න කලින් ඇඳට යන්න වෙයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීමට ලිංගික අල්ලස් ලබා දියු යුතු බවට එල්ල වී ඇති චෝදනා ගැන සොයාබැලීම සඳහා කමිටුවක් පත් කර ඇත.
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසන්නේ ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීම ගැන චෝදනා එල්ල වුවත් ඒ ගැන මෙතෙක් නිල පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
මේ ගැන සොයාබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති මොහාන් ඩි සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග, සහකාර ලේකම් හිරන්ත පෙරේරා, තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.