කිහිප දෙනෙකු එක්ව සිය ඡායාරූප තමන් ම ගැනීම හෙවත් selfie ඡායාරූප ගැනීම නතර කරන ලෙස රුසියානු රජය එරට වැසියන්ට දැනුම් දී තිබේ.
රුසියානු රජය පවසන්නේ, selfie ඡායාරූප ගැනීම සඳහා කිහිප දෙනෙකු එක්වන විට කැමරාව අතේ දුරින් තබාගෙන ඡායාරූපය ගැනීම සඳහා ඔවුන්ගේ මුහුණු ළං කිරීමට සිදුවන බව ය.
එවැනි අවස්ථාවල එක් හිසක සිටින උකුණන් අනෙක් හිසට පැනීම හේතුවෙන් උකුණන් බෝවීම ඉහළ යන බව රුසියානු බලධාරීන්ගේ අදහස යි.
මීට අමතරව, උකුණන් සහිත දරුවන් පාසල් නොයවන ලෙසට ද රුසියානු සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබේ.















































