Tuesday, October 28, 2014

අයවැයෙන් වෑන් එකක් මිලියනයකින් අඩුවෙනවා

2015 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය මගින් යෝජනා කර ඇති බදු සංශෝධන අනුව වෑන් රථවල මිල රුපියල් ලක්ෂ 10 කින් පමණ පහළ යනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ අයවැය යෝජනා අනුව මෙතෙක් වෑන් රථ සඳහා පැවති 152% ක් වූ බදු ප්‍රමාණය 98% ක් දක්වා පහළ ගොස් ඇති බවයි.
සංගමයේ සභාපති සම්පත් මෙරිංචිගේ මහතා පවසන්නේ අනෙකුත් වෑන් රථවල මිල ගණන්ද ලක්ෂ 5 ත් 10ත් අතර මිලකින් පහළ යනු ඇති බවය.