Wednesday, October 29, 2014

අවරුදු 30ට කලින් කළයුතු දේවල් මෙන්න

සමහරු කියනවා ජීවිතය පටන්ගන්නේ අවරුදු 30 න් කියලා..නමුත් සමහරුන්ට අවරුදු 30 ලැබීමම ජීවිතය අවසානයට හේතුවක් වෙනවා..කෙසේ නමුත් ඔබගේ 30 වන උපන්දිනය සැමරීමට පෙර පහත සඳහන් දේවල් පිලිබඳ අවධානය යොමු කරන්න වගබලාගන්න.
 

සමාජ ජාල වෙබ් අඩවි වෙනුවෙන් ජීවත් වෙන එකෙන් දැන්වත් අත්මිදෙන්න 

sonam selfie
අනිත් මිනිස්සුන්ට ඉරිසියා හිතෙන විදියට රස කෑම, මිල අධික විද්‍යුත් උපාංග, සුඛෝපභෝගී ජීවිත ගෙවන බව පෙන්වමින් ඡායාරූප එක්කිරීමෙන් වලකින්න. සමාජ ජාලා අවශ්‍යය නමුත් ඒවා වෙනුවෙන් ජීවත් වීම නොවැදගත් බව වටහාගන්න 
 

ඡන්ද අයිතය 

Vote
ඔබේ ඡන්දය , ඔබ රටේ වගකිවයුතු පුද්ගලයෙකු බව පෙන්වා දෙන්නෙකි.
 

ජීවිතය වෙනස් කළ හැකි පොත් තිහක් වත් කියවන්න 

reading
ඔබේ ජීවිතය වෙනස් කළ හැකි පොත් තිහක්වත් කියවන්න..එය ඔබේ ඉදිරි ජීවිතයේ තීරණ වලට අනිවාර්යයෙන් සහයක් වනු ඇත.
 

මැරතන් එකක් දුවන්න 

running
දිගු දුරක් දිවීම හා එකම වේගයෙන් ධාවනය පවත්වාගැනීම පිලිබඳ දිගු දුර දුවන්නන් හට මහඟු අවබෝධයක් තිබේ. මැරතන් එකක් දිවීමට නම් එයට ස්වයං විනයක් අවශ්‍යය වේ. තිහට කලින් මැරතන් එකක් දිව්වොත් ඔබටත් එම විනය ජීවිත කාලයටම එක්කරගැනීම පිළිබඳව අදහසක් ගත හැකි වේ.
 

බිඳී ගිය ප්‍රේම සබඳතා - මවයි රස කතා 

dating
ඔබේ පාසල් කාලය තුල බිඳී ගිය ප්‍රේම සබඳතා හෝ සිතින් පමණක් සිදුකල ප්‍රේම වෘත තිබිය හැක..ඒවා පිලිබඳ මතකය බෙදාගැනීම අවරුදු 30 න් පසුව රසවත් වනු ඇත.
 

කැමතිම ගායකයාගේ සජීවී ප්‍රසංගයකට සහභාගී වෙන්න 

rockstar
ඔබේ ප්‍රියතම ගායකයා හෝ ගායිකාව සජීවීව ගීත ගයන ආකාරයේ අත්දැකීමක් අවරුදු 30 ට පෙර ලබාගන්න උත්සාහ ගන්න.
 

ඇතිවුනාම "ඇති" කියලා පිටවෙන්න 

Sign
අවරුදු 30 න් පසුව ඔබට වගකීමකින් තොරව ජීවත් විය නොහැකි නිසා අවරුදු තිහට පෙර ඔබර කරදර කාරී රැකියාවක් හමුවුනොත් එය දමා යන්න කටයුතු කරන්න. ඔබ යන විට ඔබේ "බොස්ට" ඔබේ වෙන්ව යාමට හේතුව දැනෙන්නම කියලා යන්න 
 

Adrenaline රශ්

zindagi na milegi dobara
Adrenaline ඉපදවිය හැකි අවධනාම් සහගත චාරිකා, ක්‍රීඩා වල ඔබේ යහළුවන් සමග නිරත වන්න..
 

සෙට් වෙන තැනක් හොයාගන්න 

Central Perk
ඔබේ යහළුවන් එක්ක නිතර යා හැකි ස්ථිර අවන් හලක්, පබ් එකක් සොයාගන්න 
 

යාළුවන් එක්ක Road ට්‍රිප් එකක් යන්න 

Zindagi Na Milegi Dobara
යාළුවො එක්ක රෝඩ් ට්‍රිප් එකක් යන්න, ජීවිතේට අමතක නොවන සිදුවීම් අරගෙනම චාරිකාව නිමකරන්න 
 

හොඳ කතාවක් පවත්වන්න

awards
සමුගැනීමේ උත්සවයකදී හෝ විවාහ උත්සවයකදී අන් අයට ඔබව මතක හිටින කතාවක් කරන්න 
 

විදෙස් භාෂාවක් ඉගෙන ගන්න

englishvinglish
 අලුත් භාෂාවක් ඉගෙන ගන්න, ඉංග්‍රීසි නම් එය බොහෝ වැදගත් වේවි
 

වැඩි කිලෝ ගාන අඩු කරගන්න 

run
අනිත් ඇය වෙනුවෙන් කරන්න එපා..ඔබේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබම කරන්න..ඔබේ බර අඩුකිරීම ඔබට සැහැල්ලුවක් මෙන්ම ඔබේ සෞඛ්‍යටද යහපත් වනු ඇත.
 

ලෝබ වීම පොඩ්ඩකට අමතක කරන්න 

money
 ඔබේ ලෝබ කම පොඩ්ඩකට අමතක කරන්න..ඔබේ යාළුවො රාත්‍රී භෝජන සංග්‍රහයකට රැගෙන යන්න.මිල මුදල් වැයවීම ගැන හිතන්නේ නැතුව දවසක හෝ මතක හිටින කෑම වේලක් යාලුවන්ට දෙන්න 
 

පීනන්න ඉගෙන ගන්න 

swimming
ජීවිතයේ ඉගෙනගත යුතු අත්‍යවශ්‍ය දෙයකි 
 

ඇල්කොහොල් අඳුරගන්න 

Alcohol
 ඔබට දැන් අව්ර්දු 20 වගේ ඇති තරම් බීලා අවිනීතව හැසිරෙන්න බැහැ..ඔබ මත්පැන් පානය කරනවානම් ඔබේ සීමාවන් දැනගෙන වැදගත් ලෙස ඒවා ලබාගත යුතුය. එසේ නොහැකි නම් ඒවායින් වැලකි සිටීම වඩාත් යහපත් වේ.
 

තනියම දිගු ගමනක් යන්න 

queen
තනියම ගමනක් යන්න ඉගෙන ගන්න..එය ඔබට ජීවිතයේ ආත්ම විශාසය වර්ධනය කරගැනීමට උපකාර වනු ඇත.
 
තනිවම කෑම උයන්න ඉගෙන ගන්න 
 
cooking
හැමදාම නූඩ්ල්ස් සෑදීමෙන් වැළකිලා රසවත් කෑම වේලක් හදන්න ඉගෙන ගන්න.
 

කාගේ හරි Role Model කෙනෙක් වෙන්න උත්සාහ කරන්න 

bhaag milkha
වෙනත් කෙනෙකු ඔබව Role Model එකක් ලෙස අනුගමනය කරන්නේ නම් ඔබ දැනටමත් වීරයෙකු වී අවසානයි 
 

ලිංගිකත්වය අත්විඳින්න 

Jab Tak Hai Jaan
නීත්‍යානුකූලව ලිංගික කටයුතු වල යෙදෙන්න..එය අවශ්‍යතාවයක් නිසා නොව කලාවක් ලෙස සිතන්න 
 

දැන් නිරතවන රැකියාවට අනුව නොව ඔබ බලාපොරොත්තු වන රැකියාවට අනුකුලව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න.

ranbir
 
ඔබගේ හීන කාරය පදවා බලන්න 
car
 

මුල අමතක කරන්න එපා 

swades
 
ඉතුරු කරන්න 
save
 

හදවත කඩා වැටෙන සිදුවීමකින් සුවය ලබන්න 

kuch kuch hota hai හදවත් කඩා වැටෙන සිදුවීමක් වූ පසු එයින් මිදී සාමන්‍යය පරිදි ජීවිතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඉගෙන ගන්න 
 
උදේ 4 ටත් කෝල් කර හැකි මිතුරෙකු ඇතිකරගන්න 
Piyapiya
 ෆේස්බුක් වල මිතුරන් 3000 ක් හිටියත් උදේ හතරට කතා කලත් ඔබ වෙනුවෙන් සිටින මිතුරෙකු සිටීද?
 
ඔබ ඔබම වන්න 
Peace
ඔබ ඔබේ තුල සාමය ඇතිකරගනිමින් ජීවත් වෙන්න, දැන් ඔබ ඔබේ අවරුදු තිහෙන් පසු ජීවිතය හොඳින් සමරන්න සූදානම්...යතාර්ථය පිලුගෙන ඉදිරියටම යන්න..අනිත් අයත් සමග ඔබව සංසන්දනය කරන්න එපා..ඔබේ අරමුණ වෙනස්