සෙල්ෆි ඡායාරූප ගැනීම මේ දිනවල කා අතරත් ජනප්‍රිය කටයුත්තක් වන අතර ඒ පිළිබඳ වැඩි ප්‍රසිද්ධියක් උසුලන කිම් කඩෑෂියන් සෙල්ෆි පොතක්ද නිකුත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
ඇගේ සෙල්ෆි ඡායාරූප 2000ක් අඩංගු වන මෙම පොත නම් කර ඇත්තේ 'සෙල්ෆිෂ්' (ආත්මාර්ථකාමී) ලෙසයි.
මෙම පොත එළිදැක්වීම ඇගේ සැමියා වන කේන් වෙස්ට්ගේ අදහසක් බව 33 හැවිරිදි කිම් පවසා ඇත.
එමෙන්ම එය ඇගේ ජීවිතයේ ඡායාරූපමය පිළිබිඹුවක් වනු ඇති බවද ඇය පවසා තිබේ.
පිටු 352කින් සමන්විත මෙම පොත මෙම වසරේ දෙසැම්බර් මාසයේදී එළි දැක්වීමට නියමිතය.
[B](මූලාශ්‍රය - NDTV)[/B]
















































