ප්‍රොස්ටිනොර් (Early Morning Pill, Emergency Pill) කියන්නේ හදිසි ගැබ් ගැනීම් වලක්වා ගැනීම සඳහා යොදා ගන්න පෙති වර්ගයක්.
මේ ගැන
හරියට නොදැන දැන් බොහොමයක් කාන්තාවන් අනිසි ලෙස මෙය යොදා ගන්නා බව පෙනී
යනවා. කෙටියෙන්ම කිව්වොත් ප්‍රොස්ටිනොර් සාමාන්‍ය උපත් පාලන පෙති වාගේ නිතර
නිතර භාවිතා කරන්නට සුදුසු පෙති වර්ගයක් නොවෙයි.
එය
අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පස්සේ අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වාගැනීමට ලබා
දෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් ලිංගික අපයෝජනයක් සිදු වූ අවස්ථාවකදී
ගැබ් ගැනීමක් වැලක්වීමට තමා බොහෝ දුරට මෙය භාවිතා වන්නේ. නමුත් ඕනෑම
අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පස්සේ වුණත් මෙය පාවිච්චි කරන්නට පුළුවන්.
Prostinor
වල අඩංගු වන ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන වර්ගය නිසා සිරුරේ හෝමෝන මට්ටම
වෙනස් කරලා ගර්භාෂය තුල යුක්තානුවක් තැන්පත් වන්නට නුසුදුසු තත්ත්වයට පත්
කිරීම තමා සිදු කරන්නේ.
Prostinor නිවැරදිව භාවිතාකරන්නේ කොහොමද?
අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක් සිදු වි පැය 72 ක් ඇතුලත ගත්තොත් පමණයි මේ මගින් ගැබ් ගැනීම් වලක්වාගන්නට පුළුවන් වෙන්නේ.
ලංකාවේ Prostinor 1 සහ Prostinor 2 කියලා වර්ග දෙකක් තිබෙනවා.මේ වර්ග දෙක භාවිතා කරන්නට තිබෙන්නේ දෙවිදියකට.
Prostinor 1 පැය 72 ක් ඇතුලතදී එක පෙත්තක් ලබා ගත යුතුයි.
Prostinor 2 පැය 72 ඇතුලත පෙති දෙකක් බොන්නට ඔබට සිදු වනවා.මේ පෙති දෙකම එකවර ලබා ගැනීම හෝ එක පෙත්තක් ලබාගෙන පැය 12 කින් අනෙක් පෙත්ත ලබාගැනීම කල හැක.
Prostinor 2 පැය 72 ඇතුලත පෙති දෙකක් බොන්නට ඔබට සිදු වනවා.මේ පෙති දෙකම එකවර ලබා ගැනීම හෝ එක පෙත්තක් ලබාගෙන පැය 12 කින් අනෙක් පෙත්ත ලබාගැනීම කල හැක.
මේ මොන
වර්ගයත් සංසර්ගයෙන් පසු හැකි තරම් ඉක්මනින් ලබාගන්නා තරමට හොඳයි. මොකද
Prostinor වලින් වුණත් අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්නට බැරි අවස්ථාත්
තිබෙනවා. (මෙහි එලදායිතාවය 85% ක් වනවා)
පලමු පෙත්ත ගත් පසු පැය 3ක් ඇතුලත වමනය ගියහොත් හැකි ඉක්මනින් තවත් පෙති දෙකක් කලින් සඳහන් කල ආකාරයටම ලබා ගතයුතුයි.
ඒ වගේම පහත සඳහන් අවස්ථා වලදී ඔබ Prostinor ලබා නොගත යුතුයි.
- ඔබ දැනටමත් ගැබ් ගෙන සිටිනම්.
- ඔබට පියයුරු පිළිකාවක් තිබෙනවා නම්.
- යෝනි මාර්ගයෙන් හේතුවක් හඳුනා නොගත් ලේ ගැලීමක් සිදුවෙමින් තිබෙනවා නම්.
- ඔබ ක්ෂය රෝගයට හෝ අපස්මාරයට බෙහෙත් ගනිමින් සිටිනවා නම්.
ඒ වාගේම
මෙය ලබාගෙන සති තුනකට පසුත් ඔසප් වීමක් නොවුනොත් ඔබ වෛද්‍යවරයෙක් හමු වී
පරික්ෂා කරවා ගැනීම හොඳයි. මොකද ඔබ ගැබ් ගෙන විය හැකියි.
Prostinor
වල සුලභ අතුරු ආබාධ ලෙස වමනය, ඔක්කාරය, කැරකිල්ල වාගේ තත්ත්ව ඇති වෙන්නට
පුළුවන්. අතුරු ආබාධ ඇති වු විටෙක ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න.
නමුත් මෙය පාවිච්චි කරන්නට ඖෂධ වට්ටෝරුවක් (prescription) අවශ්‍යවන්නේ නම් නැහැ.
නමුත් මෙය පාවිච්චි කරන්නට ඖෂධ වට්ටෝරුවක් (prescription) අවශ්‍යවන්නේ නම් නැහැ.
නැවතත්
අවධාරණය කල යුතු කරුණ වන්නේ Prostinor උපත් පාලන ක්‍රමයක් ලෙස නිතර භාවිතය
නොකළ යුතුමයි. එසේ කිරීම විවිධ සංකූලතා වලට හේතුවක් වන බව වෛද්‍යවරුන්
පවසනවා.
බෙහෙත ගැන දැනගෙන නිවැරදිව භාවිතා කළොත් බලාපොරොත්තු වන ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්.
(asianmirror)



















































