Sunday, September 28, 2014

හිරේ දැමු ජයලලිතාගේ කොඩිය උස්සලා

ඉන්දියාවේ තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ජය රාම් වසර 4ක් සදහා සිරගත කිරීමට බැංගලෝරයේ අධිකරණයක් මගින් අද නියෝග කර තිබේ.

ඒ අයතා ලෙස මුදල් රැස් කිරීම සම්බන්ධවන චෝදනාවකට වරද කරු වීමෙනි. ඉන්දිය රුපියල් කෝටි 100ක මුදලක් අයතා ලෙස රැස් කිරීම ඇය වරද කරු බවට තහවුරු වූ චෝදනාවයි.වර්ෂ 1991 සහ 1996 අතර කාලයේදී මෙම අසාමාන්‍ය ධනය ඇය රැස්කරගෙන ඇති බව ඉන්දීය වාර්තා කියයි.

ඇය මුදල් ගසා කෑමේ චොද්නාව මත සිර  දඩුවම් නියම වු  පළමු ඉන්දීය මහ ඇමති වරිය වන්නේ ද ජයලලිතා ය.

සිර දඩුවම් නියම වීමෙන් පසු ජයලලිතාගේ ආධාරකරුවන්  අධිකරණය ඉදිරිපිට විරෝධතා දක්වා ඇති අතර  බැංගලෝර්  පොලිසිය විසින් පොලිස් බලය යොදා උද්ඝෝෂණ කරුවන් පළවා හැර තිබේ.
.
මෙම කළබලය අතරතුර ජයලලිතාගේ ජීප් රියේ සවිකර තිබු ඉන්දීය කොඩිය ද කිසිවෙකු විසින් ගලවා දමා ඇති බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් මේ වනවිට සිර දඩුවම් නියම වු ජයලලිතා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.