Sunday, September 28, 2014

ජයලලිතා ළග සාරි 12000 ක් (Video)

මුල්‍ය වංචා  චෝදනාව යටතේ වසර 4ක සිර දඩුවමක් නියම කළ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මේ වනවිට බන්ධනාගාරය වෙත යොමුකර ඇති බව වාර්කා වෙයි.
ඇය ඊයේ රාත්‍රි  බත් සහ මිශ්‍ර එළවලු සමග සාමාන්‍ය බන්ධනාගාර ගත සිරකරුවන්ට ලබාදෙන ආහාර ආහාරයට ගත් බවත් මේ වනවටි ඇය විශේෂ රදවා සිටින බවත් අණාවරණ වෙයි.

66 හැවිරිදි ජයලලිතා ජයලාර් රුපියල් තෝටියතට අධික මුදලක් උපයාගත‍් ආකාරය හෙළදරව් කිරීමට  අපොහොසත්  වීම නිසා මෙලෙස බන්ධනා ගර ගත කෙරුණි.ඇය සතු වත්කම් වලින් ඇතැම් ඒවා පිළිබදව තොරතුරු වාර්තා වී තිබේ.මේ අතර ඉඩම් අක්කර 2000 ක්, රත්තරං කිලෝ 30ක් සහ සාරි 12000 ක් ද ඇති බව ඉන්දීය මාධ්‍ය අණාවරණය කර තිබේ.

ජයලලිතා සිරගත කිරීම සමබන්ධයෙන් ප්‍රකෝප වු පිරිස් තමිල්නාඩුවේ ඇයගේ නිවස අසලට රැස්ව සිටි බවත්  ඔවුන් ඇතැම් මාධ්‍යෙව්දින්ට  පහර දී  ඇති බවද වාර්තා වෙයි.

ජයලලිතා  බන්ධනාගාරය වෙත රැගෙන යාම සහ ඇතිවු කළහකාරී තතවය දැක්වෙන වීඩියෝවක් පහතින් නරඹන්න