Sunday, September 28, 2014

පුංචි පහේ හපන්නු මෙන්න

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ඇඹිලිපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ. වේනුජ නිම්සත් සිසුවා විසිනි.ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 199ක් වෙයි.
අඹිලිපිටිය ශ්‍රි සුමනතිස්ස මුලික පිරිවෙනේ ගණිත ගුරුවරයෙක් වන ඩබ් ඒ තිලකරත්න සහ ඇඹිලිපිටිය කණිෂ්ට විද්‍යාලයේ චිත්‍ර ගුරුවරියක් වන පද්මිනි කුසුමලතා  යන දෙදෙනාගේ වැඩිමහල් පුතා වන වෙනුජ නිම්සත්  මෙලෙස වැඩිම ලකුණු ලබාගෙන තිබේ.



ශිෂ්‍යත්වය සදහා  අතිරේක පන්කියකට නොගිය වෙනුජ පාසැලේ ශිෂ්‍යත්ව පන්තිය භාරව සිටි   ධර්මසිරි ලියනගේ ගුරු මහත්මා විසින් ම පාසැල තුල පැවැත්වු විෂය ආවරණ ශිෂ්‍යත්ව පන්තියට පමණක් සහභාගි වී තිබේ.

එසේම මෙවර ශිෂ්‍යයත්ව විභාගයේ දෙවන ස්ථානය පොළොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන මාලක නෙත්මාල් සිසුවා හිමිකර ගැනීමට සමත් වී ඇති බව වාර්තා වෙයි.

ඔහු ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 198කි.



එසේම මෙවර විභාගයේ තෙවන ස්ථාන දෙකක් හිමිවී ඇති අතර එනම් බෙම්මුල්ල, පිටියේගෙදර ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලැබූ ගලපිටිගෙදර සහනි යශෝදරා ගුණසේකර සිසුවිය සහ මාවනැල්ල, සහිරා මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මොහොම්මදු නිස්වාරා ෆාතිමා සාමා යන සිසුවියන් දෙදෙනා වෙයි.

අදාළ සිසුවියන් දෙදෙනා ලකුණු 197 ක් ලබා ගැනීමට සමත් වී ඇති බව විභාග දෙපාරිතමේන්තුව පැවසුවේය.

ලකුණු 196 බැගින් ලබාගත් සිසුන් පස් දෙනෙකු මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගේ සිව් වන ස්ථානයට පත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය අගෝස්තු මස 17 වන දින පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 27,648 දෙනෙකු පෙනී සිටියේය.

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසුන් සඳහා ඒ ඒ දිස්ත‍්‍රික්කටන්හි අවම ලකුණු සීමාවන් ප‍්‍රකාශයට පත් කර තිබේ.

එම සීමාවන් මෙසේයි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, මාතර, ගාල්ල, කෑගල්, කුරුණෑගල – 163 / දෙමල මාධ්‍ය – 159

හම්බන්තොට, අනුරාධපුරය, පෙළොන්නරුව, රත්නපුරය – 161 / දෙමළ මාධ්‍ය – 155/ 157

බදුල්ල, අම්පාර, ත‍්‍රිකුණාමලය, පුත්තලම, මොණරාගල – 160 / දෙමළ මාධ්‍ය – 158

මන්නාරම, වව්නියාව, නුවරඑළිය, මුලතිව්, මඩකලපුව – 159 / දෙමළ මාධ්‍ය 157/158


(ඡායාරූප - ඇඹිලිපිටිය සුනිල් හරිස්චන්ද්‍ර සහ පොලොන්නරුවේ රොෂාන් තුෂාර )