නමුත් 2014 වසරේ සිදුකල සමීක්ෂණයේදී හෙළිවී ඇත්තේ එම අගය මසකට හතරක් දක්වා නොහොත් සතියකට එක් වතාවක් දක්වා පහත වැටි ඇති බවයි. තවද බ්‍රිතාන්‍යය වැසියන් සෑම තුන්දෙනේකුටම එක් අයෙකු මාසයක් මුළුල්ලේම ලිංගික ක්‍රියාවල නිරත වන්නේ නොමැති බව හෙළිවී තිබේ.
  
    
  
සමීක්ෂණය මගින් මෙයට හේතු ලෙස සොයාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය වැසියන් ලිංගික
 කටයුතු වලට වඩා වෙනත් ක්‍රම වලින් එම අවශ්‍යතා සපුරා ගන්නා බවයි. ඒ අනුව 
කාන්තාවන් විසින් කාමුක පොත් බැලීමට හුරුවී ඇති අතර පිරිමින් විසින් 
අන්තර්ජාලයේ නිල් චිත්‍රපට බැලීමට හුරුවී තිබේ. The Dupe Reminද  ආයතනය 
විසින් මෙහෙයවා ඇති මෙම සමීක්ෂණයේ බ්‍රිතාන්‍යය ජාතිකයන් 1052 කු සමීක්ෂණයට
 ලක්කොට තිබුණු අතර  ප්‍රතිඵල ඊයේ දිනයේදී එළිදක්වා තිබේ. 
  
එහිදී පිරිමින්ගේ නිල් චිත්‍රපට බැලීමත්, කාන්තාවන්ගේ කාමුක පොත් 
බැලීමත් 8% කින් ඉහලගොස් ඇති බව පෙන්වා දී තිබුණි. බ්‍රිතාන්‍යයේ ආර්ථික 
කඩාවැටීම පිරිමින්ගේ ආත්ම විශ්වාසය බිඳවැටීමට බලපා ඇතිබවත් ඒ හේතුවෙන් 
මෙවන් තත්වයක් ඇතිවී ඇතිබවත් එම වාර්තාව පෙන්වා දී ඇත. 
  
 
  
 
   
 
 
   
 














































