බම්බලපිටියේ පෞද්ගලික රූපලාවන්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය වෛද්‍යවරයාගෙන් මීට පෙර ප‍්‍රතිකාර ලබාගත් සියලූ දෙනා පිළිබඳව සොයා බලා ඔවුන් සියල්ලන්ගෙන්ම ප‍්‍රකාශ සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීයග තමන් ළඟට ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අයගෙන් රුපියල් ලක්ෂ ගණන් අයකර ඇතග මෙම වෛද්‍යවරයාගෙන් ප‍්‍රතිකාර ලබාගෙන විවිධ රෝගාබාධවලට ලක්වූ අය ඇතොත් නොපමාව පොලිසියට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයිග
කෝටිපතියන් වීමේ අරමුණින් විවිධ ආකාරයේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන ඇතැම් කාන්තාවන්ට ඒවා පිළිබඳව හරි හැටි දැනුමක් පවා නොමැති බවද රූපලාවන්‍ය මධ්‍යස්ථාන පමණක් නොව ඔවුන් විවිධ ආලේප වර්ග පවා නිෂ්පාදනය කරන බවට පාරිභෝගික අධිකාරියට තොරතුරු ලැබී තිබේග
බම්බලපිටියේ රූපලාවන්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය නිමල් ගමගේ නමැති වෛද්‍යවරයා සතු ලියකියවිලි දැඩි පරීක්ෂාවට ලක්කරගෙන
යන බව ද පොලිසිය කියයිග
තමාගේ තිබෙන පළපුරුද්ද සහ දක්ෂතාව අනුව හිසකෙස් නැති අයට හිසකෙස් ලබාදීමටත් උදරය කුඩා කිරීමටත් සැත්කම් කර තිබෙන බව මෙම වෛද්‍යවරයා පවසා තිබේග
රටපුරා සිටින සියලූම රූපලාවන්‍ය ශිල්පීන්ට තම වෘත්තිය පිළිබඳව තිබෙන පළපුරුද්ද සහ එම රූපලාවන්‍යාගාරවල තිබෙන ආලේප වර්ග පිළිබඳව සෝදිසි කිරීමට තීරණය කළ බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා ප‍්‍රකාශ කළේයග
හතු පිපෙන්නාක් මෙන් බිහිවෙන රූපලාවන්‍ය ශිල්පිනියන් වැඩි ආදායමක් ලබා ගැනීමේ අරමුණින් රූපලාවන්‍යාගාර ආරම්භ කරන අතර එක් නගරයක රූපලාවන්‍යාගාර විශාල සංඛ්‍යාවක් තිබෙන බව පාරිභෝගික අධිකාරිය කියයිග කාන්තාවන්ගේ මුහුණු ලස්සන කිරීමල කොණ්ඩය විවිධ ආකාරයට වෙනස්කර ගැනීම සහ මුහුණේ රැලි නැති කිරීම පවා මෙම රූපලාවන්‍ය ශිල්පීන් සිදුකරන බව පාරිභෝගික අධිකාරියේ සභාපති මර්ෂුක් මහතා පැවසීයග කාන්තාවන්ගේ මුහුණේ ආලේප කරන විවිධ ක‍්‍රීම් වර්ග වෙළෙඳ පොළේ මෙන්ම පදික වේදිකාවේ පවා විකුණන බවට තොරතුරු ලැබීම නිසා මෙම රූපලාවන්‍ය මධ්‍යස්ථාන සෝදිසි කරන බව පාරිභෝගික අධිකාරිය කියයිග
නෝමන් පළිහවඩන - දිවයින පුවත්පත
















































