Friday, August 15, 2014

ලස්සන කරන දොස්තරගේ පාපොච්චාරණය

වෛද්‍ය විරිච්චමුල්ල ගමගේ නිමල් නාගිත නැමැත්තා බම්බලපිටිය විශාකා පාරේ මහල් නිවාසයක හය වන මහලේ පවත්වාගෙන ගිය පෞද්ගලික රූපලාවණ්‍යාගාරයක් තුළ දී ඉකුත් 12වැනි දින ලබාදුන් එන්නතක් හේතුවෙන්රිජ්වේ ළමා රෝහලේ වෛද්‍ය පීග ඒග ප්‍රියංගනී :49- මහත්මිය හදිසියේ මියගිය අතර මේවනවිටත් ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වමින් සිටීග මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් විවෘත තීන්දුවක් ලබා දී ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇතග 



මේ වෛද්‍යවරිය සිය ආමාශයේ හා මුහුණේ තෙල් මන්ද ඉවත් කිරීමට රූපලාවණ්‍යාගාරයට පැමි‚ බවත් එහිදී ඇයට :ීෑීඹඍෑෂඵෑ- නමැති ප්‍රතිජිවක එන්නතක් ලබා දුන් බවට අධිකරණයේ දී කරුණු අනාවරණය වියග එම ප්‍රතිජීවක ඖෂධය මියගිය වෛද්‍යවරියගේ ඉල්ලීම මත එන්නත් කළ බවත් සැකකාර වෛද්‍ය නිමල් ගමගේ මහතා ‍පොලිසිය හමුවේ පවසා ඇතගඇයගේ මුහුණෙහි කම්මුල් දෙක දෙපැත්තෙහි රැළි සහ සිදුරු කිහිපයක් තිබූ බවත් ඒවා ඉවත් කිරීමට ඇය පැමිණි බවත්ල උදරයේ ඇති මේදය සිරින්ජරයක් හරහා පිටතට ගෙන පසුව එය මුහුණට එන්නත් කිරීම සැත්කම මගින් කිරීමට තිබූ බව වෛද්‍යවරයා සඳහන් කර ඇතග



තමන් කිසිදු විටෙක මෙවැනි ශල්‍යකර්මයකදී ප්‍රතිජීවක ඖෂධ ලබා නොදෙන බවත් එහෙත් වෛද්‍යවරියගේ ඉල්ලීම මත එය ලබා දුන් බවත් එහෙතම වැඩිදුරටත් සඳහන් කර ඇතගඒ අනුව තමා විසින් එම ප්‍රතිජීවක ඖෂධයෙන් මිලිලීටර් 10ක් ගෙන වෛද්‍යවරියගේ ගෙලෙහි දකුණු ප්‍රදේශයට එන්නත් කළ බවත් මිලිලීටර් 2ක් පමණ ඇයට එන්නත් කරනවාත් සමග කැස්ස සෑදී අමාරු වුණු බවත් ඔහු හෙළි කර තිබේග



ඉන් අනතුරුව ඈ රෝහල්ගත කිරීමට ගිලන් රථයකට පැමිණෙන ලෙස දැන්වුවත් එය පැය භාගයක් ප්‍රමාද වී ඇති බවද වෛද්‍යවරයා දන්වා ඇතග ගිලන් රථය පමාවී පැමිණෙන විටත් ඇය මියගොස් සිට ඇතග පසුව ඇය මෙලෙස මියගිය බවට බම්බලපිටිය ‍පොලිසියට දන්වා ඇත්තේ සැකකාර වෛද්‍යවරයා විසිනිග ඒ පණිවුඩය අනුව ‍පොලිසිය එම ස්ථානයට යන විටත් ඇගේ සිරුර ඇඳෙහි තිබි ඇතග කෙසේ වෙතත් ඇයගේ තත්ත්වය වෙනස් වන වේලාවේ වෛද්‍යවරයකු වෙත යොමු කළා නම් ඇගේ ජීවිතය බේරාගන්නට තිබූ බව ‍පොලිසිය සඳහන් කරයිග

ෂප්ටැ00001

මෙම ශල්‍යකර්මය සඳහා මියගිය වෛද්‍යවරිය විසින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇතග එම ලක්ෂයෙන් රුපියල් 10ල000ක මුදලක් මීට පෙර වෛද්‍යවරයාගේ බැංකු ගිණුමට බැර කර ඇති අතර ඉතිරි රුග 90ල000ක මුදල පසුගිය 12 වනදා ඇය මුදලින් ගෙනවිත් ඇතග සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ එම මුදලද ‍පොලිස් භාරයට ගෙන තිබේග



මෙම වෛද්‍යවරයා විසින් අදාළ රූපලාවණ්‍යාගාරය විවෘත කර ඇත්තේ 2009 වසරේදීයග එදා සිට මේ දක්වා ශල්‍යකර්ම 14ල000ක ප්‍රමාණයක් සිදුකර ඇති බව ඔහු පවසා ඇතග විශේෂයෙන් නළු නිළියන්ල ඇමැති බිරින්දෑවරුල අමාත්‍යාංශ ‍ලේකම්වරුල වෛද්‍යවරු ඇතුළු ප්‍රභූ පිරිස් රැසක් තමාගෙන් ප්‍රතිකාර ගත් බව ඔහු ප්‍රකාශ කර ඇතග



1976 වසරේදී වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ සැකකාර නිමල් ගමගේ මහතා 1981 වසරේදී වෛද්‍යවරයකු වී ඇතග පසුව 1982 වසරේදී මීගමුව රෝහ‍ලේ සේවය කර ඇති ඔහු නැවත 1983 සිට 1984 දක්වා පානදුර රෝහ‍ලේ සේවය කර තිබේග ඉන් පසුව 1984 වර්ෂයේදී කැලිෆෝනියාවට ගොස් ඇති මොහු එහිදී රූපලාවණ්‍ය ශල්‍යකර්ම පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා 2009 වසරේදී මෙරටට පැමිණ ඉහත කී රූපලාවණ්‍ය ශල්‍යාගාරය විවෘත කර ඇතගමෙම වෛද්‍යවරයාට අදාළ සියලූ‍ උපාධි සහතික සහ ඩිප්ලෝමා සහතික තිබූ බව ‍පොලිසිය සඳහන් කරයිග



සැකකාර වෛද්‍යවරයා ළඟ සේවය කළ හෙදියන් සිව්දෙනා හෙද සුදුසුකම් සපුරා නොමැති බවට ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේගඑම හෙදියන් සිව්දෙනා අතරින් දෙදෙනකු අපොස උසස් පෙළ විභාගයට පවා මුහුණ දී නොමැති බවට ද පරීක්ෂණවලදී අනාවරණය වී ඇතග



ඔවුන් වයස අවුරුදු 18ල 19 සහ 23 හැවිරිදි වියෙහි පසුවන බව ද පොලිසිය පවසයිග මහරගම පිහිටි පෞද්ගලික හෙද පුහුණු ආයතනයකින් මෙම හෙදියන් පිරිස බම්බලපිටියේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත බඳවා ගෙන තිබේගඑසේම අධිකරණ වෛද්‍යවරයා මෙම හෙදියන් පිරිස කැඳවා යම් යම් ඖෂධ පෙන්වා ඇති අතරල ඔවුන් මෙම ඖෂධ නාම පවා නොදත් බව ද හෙළිවී ඇත