ඒ අනුව ඊයේ දිනයේ නාමල් ඩී.එස් සේනානායක විදුහලටත්, විශාකා විද්‍යාලයටත් ඉන් අනතුරුව සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලටත් ගොස් මෙම වැඩමුළු පවත්වා තිබේ.

ඩී.එස් සේනානායක විද්‍යාලයේ හා විශාකා විද්‍යාලයේ මෙම වැඩමුළු කිසිදු බාධාවකින් තොරව පවත්වා ඇති අතර සිරිමාවෝ විදුහලේ පවත්වා වැඩමුළුවේදී ඉරාජ් විසින් ගැයූ ගීතයකට එහි පාලනාධිකාරියෙන් විරෝධය පලවී තිබේ.
සිරිමාවෝහිදී ඉරාජ් විසින් ගීත දෙකක් ගායනාකොට ඇති අතර ඉන් එක් ගීතයක් වන්නේ "සිංහ සෙයියාවෙන්" ගීතයයි.
එම ගීතයෙන් අනතුරුව ඉරාජ් ගායනා කොට ඇත්තේ "ස්විටි මැණික" නම්වූ ගීතයකි. එම ගීතය ඉරාජ් ගායනා කොට ඇත්තේ වැඩමුළුවට සහභාගිවූ ළමුන්ද සමගිනි.
කලු නෝටි කෙල්ල සුවිටි මැණික මගේ...
මං ඔන්න අවා උම්මා උම්මා ඔනේ...
නුබ නැති ජිවිතේ රස නැ නෝනේ
තුරුලට පැනපන් මගේ
පපුවම මගේ ගින්දර වගේ
මන් හරි හැන්සම් නොනේ
රොමියො ජුලියට් වගේ අපි දෙන්නා
මයෙ කළු කෙල්ලේ අදරේ දල්ලේ
උබ මගෙ පණමයි හිතුනා
එම ගීතය ළමුන් ලවා ගායනා කිරීමත් සමග එයට දැඩි විරෝධයක් විදුහල් බලධාරීන්ගෙන් එල්ලවී ඇති අතර අවසානයේ වැඩමුළුව නවත්වා එම දෙපලට විදුහලෙන් යෑමටද සිදුව තිබේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ සම්බන්ධව පලකොට තිබුනේ මෙවන් අදහසකි
"මොකක්හරි වැඩසටහනකට ඇවිල්ලා තියෙනවා පෞද්ගලික ආයතනයක්..එත් එක්කම ඇවිත් තියෙනවා නාමල් රාජපක්ෂ සහ ගායකයෙක් වන ඉරාජ්.
ඒ ගායකයා විසින් ගීතයක් ගයනා කරලා තියෙනවා පාසලකට විශේෂයෙන්ම ගෑණු ළමුන් ඉන්න පාසලකට නොගැලපෙන සිංදුවක්.
ඒකට ගෑනු ළමුන්ගෙන් විරෝධය එල්ලවෙලා තියෙනවා..ඒවගේම ඔවුන් දැඩි කම්පනයට ලක්වෙලා තියෙනවා මේ සිංදුවත් එක්ක.
ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මොවුන් අනාරාධිතව තමයි ඇවිත් තියෙන්නේ.."