Saturday, August 2, 2014

නදීෂා අම්බලන්ගොඩට?


පසුගිය දකුණු පළාත් සභා මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයේ එජාප අපේක්ෂිකාවක ලෙස තරග වැදී පරාජයට පත්වූ නදීෂා හේමමාලි හට ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ආසනයේ සම සංවිධායක ධුරය ලබා දීමට එක්සත් ජාතික පක්ෂය විසින් තීරණය කොට ඇතැයි වාර්තා වේ.

අම්බලන්ගොඩ එජාප සංවිධායක ලෙස ජනිත් වික්‍රමතිලක මේවනවිට කටයුතු කරන අතර සම සංවිධායක ධුරය සඳහා නදීෂා පත්කිරීමට සැරසෙන්නේ එමගින් ඇයගේ ජන්ද පදනම ගාල්ල දිස්ත්‍රික්කය තුල ගොඩනගාගැනීමට අවශ්‍යය පරිසරය සකස් කරදීම උදෙසා බව වාර්තා වේ.


ජන්ද පදනම ගොඩනගා ගැනීම උදෙසා මාතර ඉසදීන් නගරයෙන් ඇය ගෙයක් මිලදීගෙන ඇති අතර දෙහිවල ඇති අයගේ නිවසට අමතරව ඇය මාතරද නිතර කල්ගතකරන බව වාර්තා වේ.