Tuesday, August 26, 2014

අර්ජුන් කමලනාත් හා රන්ජන් රාමනායක අතර විරසකයක්

  • රන්ජන් එක්ක නම් සමලිංගික ක්‍රියා බෑ
  • අද සිනමාවේ වීරයෝ නෑ ඉන්නේ පීචංලා
  • පස්දෙනෙක් විතර වඩාගෙන ඉස්සුවට පස්සේ තනියම ගැහුවා වගේ පෙන්නන නළුවෝ ඉන්න රටක් මේක
  • අනෝජා වීරසිංහට නැඟී එන නවක නිළියට සම්මානය ලැබුණේ පඩිපෙළක් නැඟගෙන එන දර්ශනයකට
  • ඩිලාන් ඇමතිතුමා නම් මට කියන්නේ "උඹ තමයි නළුවා" කියලා
  • කෙස් ගාණට පෙම්වතියෝ ඉඳලා තියනවා
  • කවුරුත් ජනප්‍රිය නළුවා වෙන්නේ තමන්ගේ අතින් වියදම් කරලා කූපන් දාලා
අර්ජුන් කමලනාත් හා රන්ජන් රාමනායක අතර කලක පටන් පවතින්නේ විරසකයක්.

තමාව සිනමාවෙන් කපාදැමීමට රන්ජන් උත්සාහ කරන බවටයි අර්ජුන් චෝදනා කරන්නේ. තමාව නොගන්නා ලෙස අධ්‍යක්ෂවරුන්ට රන්ජන් බලපෑම් කරන බවට පසුගිය කාලයේ ඔහු චෝදනා කර තිබුණි.


සරසවි සම්මාන උළෙලේදී ජනප‍්‍රියම නළුවාට හිමි සම්මානය තමන්ට නොදෙනෙ ලෙසටද රන්ජන් බලපෑම් කළ බවද එහිදී පවසා තිබුණි. මේ පිළිබඳව පුවත්පතකට අදහස් දක්වමින් අර්ජුන් පවසන්නේ මෙවැන්නක්.

හරි කවුද ඔය තරම් බාධා කරපු කෙනෙහිලි කරා කියන නළුවෝ?
96දී මට හම්බවුණ ප්‍රථම කැපිල්ල මට ප්‍රධාන චරිතය නැති කරපු එක. අධ්‍යක්‍ෂවරයා නම් මට කිව්වේ එක්තරා ජේ‍ෂ්ඨ නළුවෙක් මට පෙත්සම් ගහලා මාව ගන්නෙපා කියලා බල කළා කියලයි. මම දන්නේ නෑ.

මොනවගේ දේවල්ද මේ කෙනෙහිලිකම් නිසා අහිමි වුණේ?
මම චිත්‍රපට 24ක් රඟපෑවට පසුව තමයි මම නැඟී එන නළුවා බවට පත්වුණේ. සමහර අයට එක චිත්‍රපටයෙන් නැඟී එන නළු සම්මානය ලැබුණා. මම අහලා තියෙනවා "ටක් ටික් ටුක්" චිත්‍රපටයේ අනෝජා වීරසිංහට නැඟී එන නවක නිළියට සම්මානය ලැබුණේ පඩිපෙළක් නැඟගෙන එන දර්ශනයකට කියලා. මේ වගේ ගොඩක් දේවල් වුණා. සරසවියේ සම්මානවලට නියෝජනය වෙලත් මාව එක්තරා නළුවකු නිසා ඉවත් කළා. සභාපති ඔහුගෙන් සල්ලි ගත්තා කියලා මට ආරංචි වුණා. එදා ඉඳන් සරසවි සම්මාන උළෙලත් නෑ.

හරි ඇත්තටම කූපන් වැටිලා තිබුණේ නැද්ද දන්නේ නැහැනේ?
සාමාන්‍යයෙන් රසිකයෙක් එක පත්තරයක් අරන් එක කූපන් එකක් දායි. පත්තර මිටි ගණන් ගන්නේ නැහැනේ. එහෙම මානසිකත්වයක් ලංකාවේ නැහැ. තිබ්බත් මේ ආර්ථිකය එක්ක කරන්නත් බැහැ. ඔය කවුරුත් ජනප්‍රිය නළුවා වෙන්නේ තමන්ගේ අතින් වියදම් කරලා කූපන් දාලා.

හරි අපි කෙළින්ම කියමුකෝ ඔය තරම් ඔබට කෙනෙහිලිකම්, අසාධාරණකම් කළේ කවුද කියලා?
ඔය කියන ජේ‍යෂ්ඨ නළුවා තමයි රජහොරු චිත්‍රපටයේ මාත් එක්ක ඇට් කළේ. ඔහු රජ හොරු එකේ ඇට් කරන්න අධ්‍යක්ෂවරයා සමඟ මීටින් 19 ක් ගත්තා කියලා මට පුද්ගලයෙක් කිව්වා. ඒ කියන්නේ මම ඒ තරම් පොරක්. මම වැඩ්ඩෙක්, මම වැඩකාරයෙක් නිසා තමයි කට්ටියම මාව කපන්න set වුණේ.

රන්ජන් රාමනායකට නේද ඔබ ඔය චෝදනාව එල්ල කරන්නේ?
තමන්ගේ හෘද සාක්ෂිය දන්නවානේ තමන් මොනාද කරන්නේ කියලා. රජ හොරුමාත් එක්ක එකට රඟපාලා පෝස්ටරයට මගේ රූපය දාන්න දුන්නේ නෑලු. එහි තිබුණු සිංදුව මට කරන්න දෙන්නපා කිව්වලු. සිංදුව කළොත් ඩබින්වලට එන්නේ නෑ කිව්වලු. ඔය වගේ ලු කතා ගොඩාක් මට ආරංචි වුණා. සත්‍ය දන්නේ ඔවුන්ගේ හෘදය සාක්ෂිය තුළයි.

ඔබ හිතන විදියට කවුද වත්මන් සිනමාවේ වීරයා?
මේ කාලේ යන්නේ ඉතිහාස කතා රැල්ලක්නේ. ඉතින් එහෙම බැලුවම මේ කාලේ වීරයා ඇහැළේපොළ කුමාරිහාමි, එයනේ දැන් තිරගත වෙන්නේ.

මම අහන්නේ දුවන චිත්‍රපට ගැන නෙවෙයි. එදා ගාමිණි ෆොන්සේකා සිනමාවේ වීරයා වුණා, ඒ වගේ වත්මන් වීරයා කවුද?
Under World වගේ ක්‍රියාදාම චිත්‍රපට කරපු කාලේ මාත් වීරයා වුණා. අපේ රට තුළම වීරයා සංකල්පයක් නැහැ. දැන් මැඩ්රාස් ගත්තොත් නළුවට මල්මාලා දාලා විසිල් ගහලා වීරයා කරන්නේ මිනිස්සු. ලංකාවේ නළුවට මල්මාල දම්මලා විසිල් ගස්සන්නේ නළුවාමයි. ඒක වීරයා නෙවෙයි ඒක පීචං.

තමන් රඟපාන චිත්‍රපටයක, සිනමා ශාලාව තුළ Sound Track එකකින් අත්පුඩි ගස්සනවානම් ඒක පීචං. සිනමා ශාලාවේ ඉන්නේ මිනිස්සු 10ක් විතර ලංකාවේ විතරයි මම එහෙම දෙයක් දැක්කේ. ලංකාවේ වීරයෝ ඉන්නවාද ඔහොම වීරයෝ වීරයෝ නෙවෙයි පීචං. ඇත්තටම අද සිනමාවේ වීරයෝ නෑ ඉන්නේ පීචංලා. අඩි පහක් උසට කකුලක් උස්සගන්න බැරි නළුවෝ ඉන්නේ. කකුල උස්සන්න පුළුවන් නළුවාව අයින් කරන්න කියන වීරයෝ ඉන්න රටක් මේක.

පස්දෙනෙක් විතර වඩාගෙන ඉස්සුවට පස්සේ බොරුවට ගහගෙන පස්සේ තනියම ගැහුවා වගේ පෙන්නන නළුවෝ ඉන්න රටක් මේක. එහෙම වීරයෝ තමයි ඉතින් ලංකාවේ සිනමාවේ ඉන්නේ.

මල්ලි කියලා බදාගෙන යටින් පිහියෙන් අනින්න හොඳ නැහැ. කවුරුහරි හිතනවා නම් මගෙන් පස්සේ මේකේ එකෙක් බිහිවෙන්න බෑ කියලා, ඔවුන් නෙවෙයි සැබෑ වීරයෝ.

සමලිංගික ප්‍රේමය පදනම් වුණු චිත්‍රපටයකට ආරාධනා කළොත් භාර ගන්නවාද?
ඔව්, ප්‍රශ්නයක් නැහැ. චිත්‍රපටයක්නේ.

හරි එහි ඔබේ සහකරු රංජන් රාමනායක වෙලා සිප ගැනීමේ දර්ශනයක් තිබ්බොත් එය කරනවාද?
ජීවිතේ තියෙන තුරු කිසිම දවසක ඔහුත් සමඟ එවැනි දර්ශනයක් කරන්නේ නැහැ. මම අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා

මීෂා පෙම්වතියව ඉද්දී වෙනත් පෙම්වතියෝ ඉඳලා තියෙනවද?
අම්මෝ ඔව්. හිසේ කෙස් ගාණට. මට හම්බවුණේ රොඩ්ඩනේ කියලා අමීෂාම සමහර වෙලාවට මට කියනවා.

ජාතික තරුණ සේවා සභාවට තියෙන සම්බන්ධය මොකක්ද?
ඔව් මම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නවා. මට එයට ආරාධනා කළේ යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා. මම එතුමාගෙන් ඇහුවා මෙච්චර රටේ නළුවෝ ඉද්දී ඇයි මටම කතා කළේ කියලා. ඇමැතිතුමා මට එවෙලේ හිනා වෙලා කිව්වා "උඹ තමයි නළුවා" කියලා.