Tuesday, August 26, 2014

අයිස් බකට් වෙනුවට ගල් බකට්

මේ දිනවල ලොවපුරා ජනප‍්‍රිය වෙමින් පවතින අයිස් බකට් අභියෝගය පලස්තීනයේ මාධ්‍යවේදියෙකු වෙනත් අයුරකින් නිරූපණය කර තිබෙනවා.ඒ, අයිස් වතුර බාල්දියක් වෙනුවට ගල් කැබලිවලින් පිරුණු බාල්දියක් සිය හිසමත හලා ගනිමින්.
 
ගාසා තීරයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් මතුව ඇති දුෂ්කරතා නිරූපණය කිරීමට ඔහු මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. පලස්තිනුවන්ට අයිස් වතුර නැතිමුත් ගල් කැබලිවලින් අඩුවක් නොමැති බව නිරූපණය කිරීම සිය අරමුණ වු බවද එම මාධ්‍යවේදියා ප‍්‍රකාශ කර තිබෙනවා.