එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත්
පේ‍්‍රමදාස මහතා ඌව පළාත් සභා මැතිවරණයේදී එක වේදිකාවකට ගෙන ඒමේ සාකච්චා මේ
වන විට බිඳ වැටී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
ඌවේ එජාප මහ ඇමති අපේක්‍ෂක හරීන් ප‍්‍රනාන්දු මහතා සිය පාර්ලිමේන්තු
මන්ත‍්‍රී ධුරය අතහැර ආවේද රනිල් සජිත් එක් වේදිකාවකට ගොඩවන පොරොන්දුව
මතයි.
මේ වන විට හරීන් ප‍්‍රනාන්දු මහතාද සිය වේදිකාව තුල රනිල්-සජිත් එක වේදිකාවතට ගෙන ඒම ගැන අදහස් පල නොකර සිටින්නේද ඒ අනුවය.
මතුව අලූත්ම තත්වය සම්බන්ධයෙන් කරූ ජයසුරිය මහතා විසින් හරීන්
ප‍්‍රනාන්දු මහතා හමු වී ප‍්‍රකාශ කර ඇත්තේ රනිල්-සජිත් එක් වේදිකාවකට
නොඑනු ඇති බවත් ඒ ගැන නොසිතා මැතිවරණය ගැන පමණක් සිතා කටයුතු කරන ලෙසත්ය.
















































