
ඇය උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සංධාන මන්තී‍්‍රනි ආනන්දි සෂිදරන් මහත්මියයි. පළාත් සභා මාසික සභාවාරය වෙනුවෙන් ඇය අද (21) පැමිණියේ පාපැදියෙනි. යාපනය සිට කයිතඩි පළාත් සභා සංකීර්ණය දක්වා ඇති කිලෝමීටර 11 ක දුර ඇය පාපැදියෙන් පැමිණියාය.
මන්තී‍්‍රවරිය පළාත් සභාව වෙත පාපැදියෙන් පැමීනීම සමිබන්ධයෙන් මන්තී‍්‍රවරියගෙන් විමසීෙමිදි ඇය පැවසුෙවි බයිසිකල් පදින එක ඇඟට හොඳයි,ඒ හින්දා පාපැදියෙන්ම පළාත් සභාවට ආවා. කියාය.
සුඛෝපභෝගි වාහනවල නැග පරිවාර රථද සමගින් මහජන මුදල් නාස්ති කරමින් මහජනයා අපහසුතාවයට පත්කරන දේශපාලන නියෝජිතයින්ට ආදර්ශයක් සැපයීමටද තමන් පාපැදියෙන් පළාත් සභාවට පැමිණි බැවිද මන්තී‍්‍රවරිය වැඩිදුරටත් පැවසුවාය.
ආනන්දි සෂිදරන් මහත්මිය යුද්ධයෙන් අතුරුදහන්වු දෙමළ ජනතාව සොයාදෙන ලෙස රජයට බලපෑම් එල්ල කරන කාන්තා නියෝජිතවරියෙකි.


